ටිපර් රථයකට යටකර දෙදෙනෙක් මැරුවාට හයක් පෝරකයට
පදියතලාව පොලිස් වසමේ කඩු පහර කෙහෙල්උල්ල ගම්මානයේදි 2015.04 13 වෙනි දින ටිපර් රථයකට යටකර පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ වරදට පුද්ගලයින් හයදෙනෙකුට අම්පාර හිටපු මහාධිකරණ විනිසුරු ශ්රිනිත් විජේසේකර මහතා විසින් අද 10 මරණ දඩුවම නියම කරනු ලැබීය.
මහාධිකරණ විනිසුර ශ්රිනීත් විජේසේකර මහතා දැනට මාතලේ මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කරන අතර මෙම නඩුව අම්පාර මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කරන කාලයේ දි ඔහු විසින් මෙම නඩුවේ වැඩ කටයුතු අවසන් කිරීම නිසා අද දිනයේදි ඔහු විසින් මෙම තීන්දුව දෙනු ලැබිය
පදියතලාව කෙහෙල්උල්ල ගම්මානයේදි තරිදු ශාන්ත ජයසිංහ සහ සමන් කුමාර යන දෙදෙනා ටිපර් රථයකට යටකර මරා දැමිමේ චෝදනවාට පදියතලාව පොලිසිය විසින් මෙම සැකකරුවන් හය දෙනාට චෝදනා හතක් යටතේ අම්පාර මහාධිකරණයේ නඩු පවරනු ලැබිය.
වසර 10 ක පමන කාලයක් මෙම නඩුව විභාග වු අතර අද දිනයේ මෙම සැකකරුවන්ට මරණ දඩුවම නියම විය. මෙසේ මරණ දඩුවම නියම වුයේ පදියතලාව කෙහෙල්උල්ල පදිංචි යාපා බණ්ඩාරලාගේ අජිත් පුෂ්පකුමාර 30,බාලසුරිය ලිබැද්ද ආරච්චිලාගේ ප්රියන්ත කරුණාතිලක 29,අත්තනායක මුදියන්සේලාගේ නාමල් සංජීව 32,වනිගසේකර මුදියන්සේලාගේ දුමින්ද රුවන් කුමාර 37,අත්තනායක මුදියන්සේලාගේ වසන්ත ගාමිණි 37,කීර්ති සිංහ මුදියන්සේලාගේ ගිහාන් විදුරංග රාජරත්න 29 යන හය දෙනාටය.
පදියතලාව පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් විසින් මෙම නඩුව මෙහයවනු ලැබිය.මරණකරුවන් ගේ පාර්ශවය වෙනුවෙන් රජයේ අධි නීතිඥ සෙනාල් මහතා පෙනි සිටියේය.
අම්පාර වසන්ත චන්ද්රපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

