ජලය දෙන්න ගිහින් රු. කෝටි 184ක් වතුරේ
ජල ව්‍යාපෘති සම්බන්ද කොන්ත්‍රාත් නිම නොකිරිම හෝ වැඩ අතරමග නවතා දැමිම හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් සදහා අත්තිකාරම් මුදල් ලෙස ගෙවා තිබු රුපියල් එකසිය අසුහතර කෝටි,තිස්හත්ලක්ෂ,පනස්පන්දහස් දෙසියඅසුවක (1,843,755,280) අත්තිකාරම් මුදල නැවත අයකරගැනිමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙම වර්ෂයේ මාර්තු මස වනවිටත් මෙකි අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයකර ගැනිමට කටයුතු කර නොතිබුණි. ජලසම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය විසින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ජල ව්‍යාපෘති සම්බන්ද කොන්ත්‍රාත් සදහා මෙම අත්තිකාරම් මුදල් ලබා දි තිබුණි.
රජයේ මුදල් නොසැලකිලිමත් ලෙස සහ කිසිදු ප්‍රතිලාභයක් නොලබා තුන්වන පාර්ශවයකට දිර්ඝ කාලයක් තබා ගැනිමට ඉඩහැරිම පිළිබද අදාළ නිලධාරින් වගකිවයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අමාත්‍යංශය මගින් විගණනයට සදහන් කොට ඇත්තේ 2024 වර්ෂයේ දි මේ පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කොන්ත්‍රාත්කරුවන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

