අල ආනයනය අඩුවෙලා
මෙම වර්ෂයේ මුල්මාස අටතුල දි (ජන- අගෝස්තු) මෙරටට අල මෙට්‍රික්ටොන් එක්ලක්ෂ විසිඅටදහස් හත්සිය පනස්අටක් (128,758) ආනයනය කොට ඇති බව මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2024) මෙම කාලසිමාව තුලදි අල ට්රික්ටොන් ඒක්ලක්ෂ විසිඅටදහස් අටසිය විසිදෙකක් (128,822) ආනයනය කොට තිබුණි. ඒ අනුව මෙම කාලසිමාව තුල ආනයනය කරණු ලැබු අල ප්‍රමාණය මෙට්‍රික්ටොන් විසිහයකින් අඩුවි ඇත.
2023 වර්ෂයේ දි මෙරටට අල ම මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හැටඅටදහස් එකසිය අසුහතරක් (168,184) ආනයනය කොට තිබු අතර 2024 වර්ෂයේ දි ආනයනය කොට තිබු අල ප්‍රමාණය මෙට්‍රික්ටොන් එක්ලක්ෂ අසුදහස් එකසියවිසිඑකකි. (180,121)
2024 වර්ෂයේ දි මෙරට දේශිය අල නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හතලිස් දෙදහස් දෙසිය හයකි. (42,206) 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි දේශිය අල නිෂ්පාදනය සියයට 3.5කින් වර්ධනය වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. කෙසේවුවද දේශිය අල සදහා සාධාරණ මිලක් නොමැති බවට අල ගොවින් චෝදනා කරති.
. ,
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

