කුණ්ඩසාලේ මධ්‍යම කුකුල් පර්යේෂණ 2018 සිට නැවතිලා
මහනුවර දිස්ත්‍රික්කයට අයත් කුණ්ඩසාලේ මධ්‍යම කුකුල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කුකුල් පර්යේෂණ කටයුතු සිදුකිරිම 2018 වර්ෂයෙන් පසු සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙම කුකුල් පර්යේෂණ මධ්‍යස්ථානය 1980 වර්ෂයේ දි ආරම්භකොට තිබුණි.එමගින් දේශිය කුකුලන් වැඩිදියුණු කර ප්‍රවර්ධනය පර්යේෂණ කටයුතු සිදුකිරිම යන අරමුණින් මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක විය.
මෙකි මධ්‍යස්ථානයේ කුකුල් කුඩුවල කුකුලන් ඇති කිරිමේ උපරිම ධාරිතාවය 5420කි. එහෙත් කුකුල් කුඩුවල කුකුලන් ඇති කොට ඇත්තේ කුකුලන් 1976කි.ඒ අනුව උපරිම ධාරිතාවය අනුව කුකුලන් ඇතිකිරිම සියයට 36කින් අඩුවි ඇත.
එමෙන්ම ආර්ථික වටිනාකම් කාලය අවසන් වි ඇති සතුන් 753ක් අපහරණයට අදාළව කළමණාකරණ තිරණ ගැනිමේ දුර්වලතාවය හේතුවෙන් මෙම වර්ෂයේ මාර්තු මස 07 වැනිදින වනවිට කුකුල් කෑම සදහා පමණක් රුපියල් දහතුන්ලක්ෂ,තිස්හතරදහස් අටසියදාහතරක (1,334,814) අනවශ්‍ය පිරිවැයක් දරා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙම ව්‍යාපෘතිය අරමුණින් බැහැරව ක්‍රියාත්මක නොවිය යුතු අතර රජයේ මුදල් නිශ්කාර්ය නොවිමට අදාළ බලධාරින් වගබලාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විසින් මේ සම්බන්දයෙන් විගණනයට සදහන් කොට ඇත්තේ මෙම මධ්‍යස්ථානයේ අරමුණ ක්ෂේත්රයේ පවතින දේශිය ජාන සංරක්ෂණය බවත් කුකුළු පැටවුන්ගේ ඉල්ලුම අනුව බිත්තර රැක්කවිම සදහා කුකුලන් ඇති කරණු ලබන බවය.
එමෙන්ම සතුන් 484ක් ඉවත් කිරිම සදහා තාක්ෂණික කමිටුවක් පත්කර එහි නිර්දේශ අනුව මේ වනවිට මිල ගණන් කැදවා ඇති බවත් එම සතුන් කඩිනමින් ඉවත් කරණ බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

