saravita-anim2

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 6434 hours ago

LATEST

කඨින පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ කිහිපයක්

calendar_today 2021 ඔක් 14 - 16:10 remove_red_eye - 424  

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලක් සතොසේ සිදු වූයේ යැයි සැක කෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සතොස නිලධාරීන් සිවුදෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදා හැරුණා.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී එම නියෝජිතයන් අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම මේ දිනවල සිදුවනවා.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ඇප ලබාදී තිබේ.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් වූ වසන්තප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව දැන් ජනතාවට එපාවී ඇති බවත් තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද (14දා) අම්බලන්ගොඩදී පැවසීය.

Read More

Online පරිගණක ක්‍රීඩාවලින් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලා ලක්මව දියණියෝ නම් ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාරදී තිබේ.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් වාර්තා වීමේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සදහන් කළා.

Read More

ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 69,902 නෙකුට කොවිඩ් එන්නත්කරණ සිදු කර තිබේ.

Read More

දැඩි සත්කාර ඇඳන්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50% කින් පහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.

Read More

පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Read More

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

Read More

පේදුරුතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් 23 දෙනෙකු සමඟ ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනියි.

Read More

පාසල් ආරම්භ කිරිමේදි දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සුළු වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

Read More

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (13) වන දා සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .

Read More

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

Read More

ලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලිය සහභාගී වීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතු මෙන්ම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසයි.

Read More

නුවර පාර මිගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.