තිරිඟු පිටි හිඟයක්
මෙරට පිහිටි ප්‍රධාන තිරිඟු පිටි සමාගම් විසින් තමන්ගේ ඉල්ලුමට සරිලන තිරිඟු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණ ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් සහ සිල්ලර සහ තොග වෙලදුන් පවසති.
මසක පමණ කාලයක සිට ප්‍රධාන තිරිඟු පිටි සමාගම් විසින් හැටන් ප්‍රදේශයේ තිරිඟු පිටි එජන්තවරුන්ට ඉල්ලුමට සරිලන තිරිඟු පිටි තොග ලබා නොදිම නිසා එම එජන්තවරුන් විසින් තමන් වෙත තිරිඟු පිටි තොග ලබාදෙනු ලබන්නේ ඉතා සිමිත ප්‍රමාණයක් බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පැවසිය.
දැනට එම සමාගම විසින් බෙදා හරිනු ලබන තිරිඟු පිටි කිලෝවක් රු 145කට අලෙවි කරන බවත්,තම වෙලදසැල් වලින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ඉල්ලන තිරිඟු පිටි ප්‍රමාණයට වඩා අඩුවෙන් අලෙවි කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියේය.
තිරිඟු පිටි අලෙවි එජන්තවරුන් විසින් තිරිඟු පිටි තොග සිමා කර ලබාදිම හමුවේ තම බේකරි නිෂ්පාදන කටයුතු අඩු කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත තම බේකරි පාඩු ලබන තත්ත්වයක පවත්වාගෙන යන බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් පැවසිය.
popular news
-
nihal weerawardane Friday, 11 February 2022 03:17 PM
power hungry people they never say the miracale how they develope the country --
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

