රජය විසින් ගෙවිමට ඇති සමස්ත ණය ප්රමාණය ඉකුත් වර්ෂය (2025) අවසානය වනවිට රුපියල් බිලියන විසිනමදහස්,නමසියඅනුහතරයි දශම හතක් (29,994.7) දක්වා වැඩිවි ඇති බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ගෙවිමට ඇති දේශිය ණය ප්රමාණය රුපියල් බිලියන දහඅටදහස් හයසියහැත්තැපහයි. දශම තුනක් (18,675.3) වන අතර ගෙවිමට ඇති විදේශිය ණය ප්රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් තුන්සියදහනමයයි දශම හතරක්.11,319.4ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂය අවසානය වනවිට ගෙවිමට ඇති සමස්ත ණය ප්රමාණය රුපියල් බිලියන 28,738.70ක් වු අතර එම ණය ප්රමාණය 2025 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 1255.99කින් වැඩි වි ඇත.