රුපියල් කෝටි තුනක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 03/27 දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙනැවිත් තිබූ අතර , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථ තුළ අතහැර දමා තිබූ ගමන් මලු 13 ක් තුළ තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙසේ අත් අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අතර " ප්ලැටිනම්'' සහ " මැන්චෙස්ටර් '' වර්ග වල දුම්වැටි 200,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,000 ක් තිබුණි. මෙම දුම්වැටි සියල්ල කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කළ අතර , ඒවා කොළඹ රේගු ප්රධාන ගබඩා සංකීර්ණය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
