saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Latest News - timelapse 6131 hours ago

LATEST

එළැඹෙන අවුරුද්දේ සජබ රජයක් බලයට පත්වනවා

calendar_today 2021 දෙසැ 14 - 20:00 remove_red_eye - 419  

එළැඹෙන අවුරුද්දේ සමගි ජන බලවේග රජයක් බලයට පත් වන බවත්, ඒ අනුව වැරදි කරන සියලු පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී දඬුවම් විඳීමට සූදානම් වන ලෙස සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මෙවර අයවැය තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකළද දුම්වැටි වර්ගයක් සඳහා බදු සහන ලබාදී තිබෙන බවත්, අනෙකුත් දුම්වැටි මිල සුළු මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ හරහා සිදුවන්නේ දුම්වැටි භාවිතය ඉහළ යාම බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (adic) ආයතනය සඳහන් කරයි.

Read More

ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මවා ඇති බව JHU දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

LPL තරගාවලියේ පහලොස්වන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Colombo Stars කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සමාජිකයන් දෙදෙනෙකු පත්කර තිබේ.

Read More

තායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළක්වීම සඳහා අදාළ සියළුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

සංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.

Read More

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.

Read More

ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ලබා ගැනීමට නොමිලේ නීතීඥ සහාය ලබා දීමට සමගි ජන බලවේගය සූදනම් බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) දින ආරම්භ විය.

Read More

බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

Read More

අවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව ති‍බේ.

Read More

තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිඳවැටී තිබේ.

Read More

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.

Read More

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

Read More

කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ.

Read More

මේ මාසයේ ගතවූ දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු දෙසැම්බර් මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 129,762 කි.

Read More

ඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය.‍

Read More

ඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.

Read More

පෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්‍ර දේශවාසීන්ගේ උපකාර ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා තිබේ .

Read More

කොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

මෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත්ත්වය ස්ථාවර කිරීම සඳහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික සම්බන්ධීකරණය සහ පුළුල් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.

Read More

පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුලිබල මණ්ඩලයේ දියුණුවට අදාළව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා හෙට (14දා) විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් කොටසක් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යපාරයක් පැවත්වීමට තීරණය කර තිබේ.

Read More

2021 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී තිබේ. ඉතා අවදානම් මට්ටමකට ළඟා වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මෝසම් වැසි කාලයේදී තවදුරටත් උත්සන්න වීමේ ප්‍රවණතාවක්ද ඇති බව වාර්තා වේ.

Read More

නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.