saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5824 hours ago

LATEST

ගංජා කිලෝ 06ක් සමග අයෙක් අත්අඩංගුවට

calendar_today 2022 පෙබ 08 - 17:24 remove_red_eye - 105  

කේරල ගංජා කිලෝ 06ක් හා ග්‍රෑම් 45ක් අලෙවිකිරීම සඳහා මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි.

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව පවත්වාගෙන යන්නේද? ඉවත්කරගන්නේද? යන්න ලබන 25 වැනිදා දැනුම් දෙන ලෙස විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට අද (09දා) නියම කළේය.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග බගවන්තලාව සහ හැටන් දික්ඔය ප්‍රදේශයේ රක්ෂිත දෙකක ගිනි තැබිම් දෙකක් අද (08දා) සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

2020 වසරේ මේ අර්ථසාධක අරමුදලේ ලාභය දල වශයෙන් රුපියල් බිලියන 250ක්. ඒ අනුව මේ 25% බද්ද තුළරුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලිවලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දැන් ආරම්භ කරලා තිබෙනවා වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියක්. ඒකට වැඩකරන ජනතාවගේ අර්ථසාධක සල්ලිවලින් 25% බද්දක් ගහලා තමන්ගේ ගොලබාලයන්ට සාත්තු සප්පායම් කරන්නයි මේ කටයුතු කරන්නේ.

Read More

වෛද්‍ය චමල් සංජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ලේකම් ධුරය දරණ නව වෙද්‍ය සංගමයක් පිහිටුවා තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානය (MCPA) ලෙස මෙම සංගමය නම්කර තිබේ. එහි පැවැදි අනුශාසක ලෙස පූජ්‍ය ඕමල්පේ හිමියන් පත්කොට තිබේ.

Read More

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණි.ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබිණ.

Read More

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර අද (08දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි.

Read More

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම අද (08දා) කන්දකාඩු ගොවිපොළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

Read More

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. රෝල ලක්ෂණ පහළවීමෙන් අනතුරුව කළ පරීක්ෂණයකදී ඔහුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Read More

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බණ්ඩාරගම නගරයේ දී පුද්ගලයෙකුගේ ඒ.ටී.එම් කාඩ් පත රැගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සතුව විදේශ වත්කම් ලෙස පැවැති රන් සංචිතය මේ වන වට ඩොලර් මිලියන 92ක් දක්වා අඩුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මේ වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුවවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නව මිල ගණන් යටතේ මාස් කන්නයේ වයඹ පලාත් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කල බව වයඹ පලාත් බාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා අද (08දා) පැවසීය .

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සංචාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

Read More

එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම මධ්‍යයේ ගෝලීය මූල්‍ය වත්කම් මිල සාමාන්‍යයෙන් පහත වැටුණු හෙයින්, චීනයේ විදේශ විනිමය සංචිත ජනවාරි මාසයේදී පහත වැටුණු බව විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ (SAFE) දත්ත සඳුදා පෙන්වා දුන්නේය.

Read More

ගෝනගංආර පොලීසිය යුද හමුදාවේ සහය ඇතිව යාල වනෝද්‍යානයේ කලාප (vi) ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා නිරීක්ෂණයකින් සිදුකළ වැටලීමකදී අක්කර එකහමාරක පමණ භූමියක වගාකර තිබූ ගංජාහේනක් සොයාගෙන ඇත.

Read More

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , අයිස් මත්ද්‍රව්‍ය , කේරල ගංජා සහ මත්පෙති තොගයක්, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (07දා) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පානදුර , වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .

Read More

වෙළඳපොලේ නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියි.හැටන් රුවන්පුර ජනපදය , බගවන්තලාව , මස්කෙලිය වැනි ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින් නයි මිරිස් වගාව මහ පරිමාණයෙන් සිදු කරන අතර , මෙවර අස්වැන්න අඩුවිම හමුවේ නයි මිරිස් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ වෙලෙන්දුන් පැවසීය.

Read More

පරිවේණාචාර්ය, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට හා රජයේ උපකෘත පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දිමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ජනවාරි 06 වැනිදා අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08දා) කටයුතු කළේය.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා පත්කළ සාමාජිකයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

උතුරු මුහුදට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා 135 ක් වෙන්දේසි කිරීමට ඊයේ (07දා)යාපනය කරෙයිනගර් ධීවර වරායෙදී නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර ගියත් සංකූලතා අඩුවී ඇත්තේ ජනතාව මාත්‍රා දෙකම ලබාගෙන ඇති නිසා බවයි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැම්මත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ඊයේ පවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් 2022 අයවැය හරහා හඳුන්වාදුන් සුපර්ගේන් ටැක්ස් (රුපියල් මිලියන 2000ට වැඩි ආදායමක් උපයා ඇති පුද්ගලයන් හා ආයතන අතරින් එක් වරක් පමණක් අය කරන බද්ද) හරහා සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ්‍රාමික පාරිතෝෂිකයෙන්ද බදු අය කිරීමට රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනාමකින් යුත් හෙරොයන් මත්කුඩු කිලෝ 01 ග්‍රෑම් 64ක් සිය සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය කියයි.

Read More

බදුල්ල නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

’’ඔබ කොවිඩ්-19 එන්නත් නියමිත කාලයට ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින්න.’’ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙත දැනුම්දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.