ප්‍රවීණ රංගනී ශිල්පිනි ලියෝනි කොතලාවල සිය දිවි සැරිය නිම කළාය. මිය යන විට ඒ මහත්මිය 78 වැනි වියේ පසුවිය. වේදිකාවෙන් රංගන දිවියට පිවිසි ඇය ඉන් අනතුරුව චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහා සිය රංගන දිවිය ඉදිරියට ගෙන ගියාය. අවසන් කටයුතු පිළිබඳව ඉදිරියදී දැනුම් දීමට නියමිතය.