මුලතිව් විශ්වමඩු හමුදා මුර කුටියක් අසළ සිදුවූ නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්රියේ බීමත්ව පැමිණි පිරිසක් හමුදා මුර කුටියට පහරදීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
මෙහිදී සිදුවූ පහරදීම්වලින් හමුදා නිලධාරීන් තිදෙනෙක් හා සිවිල් වැසියන් තිදෙනෙක් තුවාල ලබා තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව විසින් අහසට වෙඩි තබා තිබුණි.
මේ අතර තත්ත්වය පාලනය කිරීමට පසුව පොලීසියද කැඳවීමට කටයුතු කෙරිණි.