සපුගස්කන්ද පිරිපහදුව වසා තැබීමට තීරණයක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. දැනට පවතින බොරතෙල් වලින් එලැඹෙන 24 දා දක්වා පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවැසීය.
බොරතෙල් නෞකා තුනක් සඳහා ඇණවුම් කර ඇති බවත් ඒ අනුව එළැඹෙන 29 දා ජුලි 10 හා ජුලි 14 දා බොරතෙන් නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
කෙසේ වෙතත් 24 දා සිට 29 දා ඇතැම් විට සපුගස්කන්ද පිරිපහදුව විරාමයක් ගැනීමට ඉඩ ඇති බවත් ඔහු පැවැසීය.