දිත්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර යළිත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ පුලතිසි නගරාන්තර දුම්රිය හා ඇල්ල ඔඩිසි දුම්රිය මෙන්ම පාසල් සිසුන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ධාවනයට එක් කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
උල්හිටිය ජලාශය ආශ්රිත ප්‍රදේශයට මේ වන විට දැඩි වර්ෂාපතනයක් පතිත වන බැවින් ජලාශයේ වාන් දොරටු අද 06 දින පෙරවරු 8.30 සිට විවෘත කිරීමට පියවර ගත් බැවින් සහ මේ වන විට තප්පරේට ඝණ මීටර් 120ක සීඝ්‍රතාවයකින් ජලය පිටවන බැවින් පහළ රත්කිඳ ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ ගමනාගමනයට ද බාධාවන බව මාපාකඩ කාර්යභාර වාරි මාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
Read Moreපවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තුන්වැනි ශ්‍රේණිය සඳහා පත්විම් 100ක් ප්රදානය කිරීම ඊයේ (05ද) දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද, අමාත්‍යාංශ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් එස්.පී. විතානගේ ඇතුලු පිරිසක් ද සහභාගී විය.
Read Moreමාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධණය කර තිබේ. මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරක මිල වෙනස් නොවන අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
Read Moreවසර 25කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පාරිසරික පනත සංශෝධනය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ. 2026 ජනවාරි 3 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ. එසේම නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.
Read Moreරාජ්‍ය මුදල් හා දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් හා කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශය කිරීම අත්හිටුවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreමහභාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙමින් පළාත් සභා පවත්වාගෙන ගියද පළාත් සභා විසින් අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බැව් අනාවරණය වන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreනායයෑමේ අවධානමක් හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා ඇති කොත්මලේ තවලන්තැන්න කොත්මලේ රම්බොඩ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය කොත්මලේ තවලන්තැන්නේ පිහිටි තොන්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යැමට තීරණය කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
Read Moreරෝගියාට ම වෙන්වූ බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරේ...
Read Moreශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සදහා , ජර්මානු ආයෝජකයින් පිරිසක් 01/05 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් පැමිණියහ .
Read Moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් එම සංගමයට රුපියල් ලක්ෂ 100ක මුදලක් පරිත්‍යාග කළ බවත් ඉදිරියේ දී තමා ජීවත්ව සිටින තාක් කල් සෑම වසරකම ජනවාරි 03 වෙනි දින රුපියල් ලක්ෂ 100 බැගින් වකුගඩු සංගමයට පරිත්‍යාග කරන බවත් අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreමඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.
Read Moreදිට්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල් වාරය (05) දින ආරම්භ කිරිමත් සමග පාසල් ළමුන් කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා වටවල සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් (05) දින සිට ධාවනයට එක් කර තිබුණි.
Read Moreදිත්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල්වාරය (05) දින ආරම්භ කල බවත්, හැටන් කලාපයේ සියලුම වතු පාසල් සහ නගර බද පාසල් සියල්ල විවෘත කල බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.
Read Moreපහල වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් ස්ථාපිතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
Read Moreවෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සඳුදා ෆෙඩරල් මෑන්හැටන් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නඩු විභාගය දේශීය වේලාවෙන් 12:00 ට (GMT 17:00) පැවැත්වීමට නියමිතය. මේ අතර වෙනිසියුලාවට ඒරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාක් රුබියෝ පවසයි.
Read Moreරජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙවර (2025/2026) මහ කන්නයේ වි වගාකළ ගොවින් 937,897 දෙනෙකු සදහා පොහොර සහනාධාර මුදල් ලෙස රුපියල් එක්දහස්තුන්සිය පනස්නමකෝටි, විසිදෙලක්ෂ,අනුහත්දහස්හයසියපනස් එකයි ශත පනහක මුදලක් (13,592,297,651.50) ම ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
Read Moreප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Read Moreඑංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පස්වන හා අවසන් අලුබඳුන ක්‍රිකට් තරගාවලිය අද (04දා) ආරම්භ විය.
Read Moreරටම එකට ජාතික මෙහෙයුම මගින් ඊයේ(03දා) දිනය තුළ පමණක් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගත් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහුමාන් කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් කොල්කටා කණ්ඩායමට දැනුම් දී තිබේ.
Read More2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05දා) ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඇමෙරිකාව සිය භාරයට ගත් වෙනිසියුලානු ජනපති නිකලොස් මදුරෝ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබේ. ඉහළ පෙළේ සිරකරුවන් රඳවා ගැනීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය භාවිත කරනු ලබයි.
Read Moreශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කැළඹිලි ස්වාභාවය හේතුනේ ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.
Read More