saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6125 hours ago

LATEST

ශෂී වීරවංශට ඇප

calendar_today 2022 මැයි 31 - 14:49 remove_red_eye - 685  

රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31දා) නියෝග කළේය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට(01දා) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කෙරේ.

Read More

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරිණි.

Read More

ඉන්දීය ණය සහන යටතේ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි

Read More

පියෙකු සහ දියණියක් දකුණු කළුතර පලාතොට ප්‍රදේශයේ නිවසක් තුළ හිටිහැටියේ මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලීසිය පවසයි.

Read More

පවතින භූමි තෙල් හිගය හේතුවෙන් මෙරට උළු කර්මාන්තය කඩා වැටී ඇති බවත් මේ වන විට රටෙහි පවතින උළු කර්මාන්තශාලා 225 ක් අතුරින් කම්හල් 200 ක් පමණ වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Read More

ඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් අද (31දා) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

තද වැසි තත්වය නිසා ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (30දා) දින රාත්‍රියේ සිට තද වැසි පතිත වෙමින් පවති.

Read More

පස්සර මඩුගස්තලාව ගම්මානයේ ගන්නිල වෙල්යායේ අද (31දා) අළුයම් කාලයේ තැන් කිහිපයකින් විශාල පෙන බුබුලු මතුව තිබිම නිසා ඔවුන් භිතියට පත්වු බව ගැමියන් පවසති.

Read More

වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද (31දා) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් එකම පවුලේ සහොදරියක සහ සහෝදරයෙකු ඝාතනයට ලක්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.

Read More

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුල කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි

Read More

යුරෝපයේ ඉහළ ආර්ථිකයේ වාර්ෂික උද්ධමනය 7.9%ක් දක්වා ළඟා වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමකි.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට පළවන අදහස් ගැන කරුණු පහදමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

Read More

පොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා ’’ගෑස් සඳහා රූබල්’’ ලබාගැනීමේ යෝජනා ක්‍රමය හා සමාන ක්‍රමයක් භාවිත කරන බව අමාත්‍යවරයා පවසයි.

Read More

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් යූටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

රුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.

Read More

එළවළු හා පලතුරු තොග ලැබීම දිගින් දිගටම අඩු වීම නිසා කොළඹ මැනිං වෙළෙඳ පොළ වැසී යාමේ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

බහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.

Read More

සමගි ජන බලවේගය වැදගත් සංශෝධනවලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

Read More

අන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

Read More

ආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

Read More

මෙරට ඇති 7000කට ආසන්න බේකරි ප්‍රමාණයෙන් 2000කට අධික බේකරි ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

Read More

පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

Read More

අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු සහ යුටියුබ් නිර්මාණකරුවෙකු වන රතිඳු සේනාරත්න හෙවත් &රැට්ටා* මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Read More

මාස දෙකකට පසු නැවතත් පෙරේදා (28දා) ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30දා) ක්‍රියාවිරත වූ බව වාර්තා වේ.

Read More

ශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.