අපනයන ඉපයීම් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිිබේ.
ඔක්ටේන් 92 රුපියල් 77කින් නව මිිල රුපියල් 254 ඔක්ටේන් 95 රුපියල් 76කින් නව මිිල රුපියල් 283 ඔටෝ ඩීසල් රුපියල් 55කින් නව මිල රුපියල් 176 සුපර් ඩීසල් රුපියල් 95කින් නව මිල රුපියල් 254 ලෙස ඉහළ දක්වා තිබේ
Read MoreGoogle හි මව් සමාගම වන Alphabet සතු YouTube, යුක්රේනයේ ගැටුම උපුටා දක්වමින්, ලොව පුරා රුසියානු රාජ්‍ය මාධ්‍ය නාලිකා වෙත ප්‍රවේශය අවහිර කරන බව,ත් රුසියාව තුළ එහි වේදිකාවේ සියලු මුදල් ඉපැයීම අවහිර කරමින් සියලු පරිශීලකයන් demonetize කරන බවත් නිවේදනය කර තිබේ.
Read MoreMeta හි නව ’’වෛරී ප්‍රකාශ’’ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පෙර රුසියානුවන්ට ඔවුන්ගේ දත්ත ඉල්ලා සිටීමට හා වෙනත් වේදිකාවන්ට මාරු වීමට රුසියානු නියාමකයන් විසින් දින දෙකක් ලබාදී තිබේ.
Read Moreශ්‍රි පාද වන්දනාවේ ගොස් ආපසු අණමඩුව දක්වා ගමන් කරමින් සිටි තරුණයෙක් මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔයේ දියනෑමට ගොස් ඔයේ ගිලි අද (11දා) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
Read Moreසමහර රටවල රුසියානුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ මරණය කැඳවීම්වලට ඉඩ දෙමින්, Facebook සමාජජාලයට හිමිකම් කියන Meta සිය ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇති බව රුසියාව චෝදනා කරයි.
Read Moreපොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10දා) දහවල් පීලි පැනීමට ලක්වූ මඩකලපුව සිට ධාවනය වූ දුම්රිය මගින් හානියට පත්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහ දුම්රිය සේවක පිරිස් විසින් මේ වන විට සිදු කරමින් පවතී.
Read Moreමෙම සතිය මුලදී අහම්බෙන් පකිස්තානය වෙත මිසයිලයක් එල්ල වීම සාමාන්‍ය නඩත්තු කටයුතු අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා හේතු වූවක් බව පවසමින්, ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Read Moreවිදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreනවසීලන්තයේ ඕක්ලන්ඩ් හි වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreරාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන නිලධාරීන් විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදු වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
Read Moreව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වෙනි දාට කල් තැබිණ.
Read Moreබත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් වැඩි කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
Read Moreඅධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 25 ක ප්‍රපාතයට පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසිය පැවසිය.
Read Moreපාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට තීරණයකර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කළේ ය. බනිස් ඇතුළුව අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.
Read Moreඖෂධ මිල තීරණය කිරීම ආනයනකරුවන්ට හා ඔසුසැල් හිමියන්ට පවරා ඇති බවට ඇතැම් පුවත්පත්වල අද (11දා) පළ වී තිබූ වාර්තා අසත්‍ය බව පැහැදිලි කරමින් ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.
Read Moreමීට මාස දෙකකට පෙරදී ඇඹිලිපිටිය කණමැදිආර එළිමහන් සිර කඳවුරෙන් පලාගොස් සිටිය දී දිනකට පමණ පසුව අත්අඩංගුවට පත් හතළිස් අට හැවිරිදි සැකකරුගේ මරණය මිනීමැරුමක් බවට වෛද්‍ය නිගමනය වී ඇති නිසා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය නියෝග කළාය.
Read Moreතිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ නංවයි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.
Read Moreනිත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකු ඊයේ(10දා) පස්වරුවේ විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
Read Moreශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අද (11දා) සිට සියයට විසිහතකින් ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි .
Read Moreඅච්චුවේලි, පුත්තුර්හිදී විදුලිය සැර වැදී යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවර එළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 453,226,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගෑස් නැව් වෙත ගෙවීම සඳහා අවශ්‍ය ණය වර ලිපි නිකුත් කර ගැනිමට නොහැකි වීම හෙතුවෙන් පැන නැගී තබූ ගැටලුව අවසන් කර ගැනීමට හැකිවූ බව ලට්‍රෝ සමාගම පවසයි.
Read Moreඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට (FAS) අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 5,428ක් ඇස්තමේන්තු කර ඇති අතර, රුසියාවට ඇමෙරිකාවට වඩා න්‍යෂ්ටික අවි 5,977ක් ඇති බව FAS මෙම වසර මුලදී තක්සේරු කළේය.
Read Moreලංකා ඉන්දය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 75කින් හා පෙට්‍රල් මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.
Read Moreසිරියාවට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයෙන් පෙර නායකයා මිය ගිය බව ත්‍රස්තවාදී කණ්ඩායම තහවුරු කරයි
Read Moreවයස අවුරුදු 116 ආයූ වැළදු කනංකේ ඩිංගි හාමි මාතාව ඊයේ (09දා) මිය ගියාය.ඇය ඉපදෙන්නේ 1906.01.11වැනි දින අකුරැස්ස අතුරලිය සුන්දර ගම්මානයේ ය. ඇයගේ නම කන්කානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි.
Read More