saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5675 hours ago

LATEST

බද්දේගම ලස්සන කරන්න ලක්ෂ 157ක්

calendar_today 2022 මාර් 16 - 21:30 remove_red_eye - 1207  

“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.

’’නමුත් මෙහිදී බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ගය අප ගන්නේ නෑ. ඔවුන් බටහිර ඇති රුසියානු පෞද්ගලික සමාගම්වල වත්මක් අත්හිටුවීමට ක්‍රියාකළ ආකාරයෙන් අප කටයුතු කරන්නේ නෑ. රුසියාවේ සිටින විදේශීය සමාගම්වල දේපල අයිතියට අප ගරු කරනවා. ඔවුන්ගේ වත්කම් ජනසතු කිරීමක් හෝ වත්කම් අත්හිටුවීමක් අප සිදුකරන්නේ නෑ.’’ රුසියානු නායකයා සිය අදහස් දැක්වීමේදී බටහිරට කණේ පහරක් එල්ල කළේය.

Read More

මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.

Read More

රුසියාව-යුක්රේන අර්බුදය මධ්‍යයේ ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලමින්, ඉන්දියාව ලෝකයේ ඉහළම තිරිඟු අපනයනකරු බවට පත්වීමේ අරමුණින් සිටියි.

Read More

වත්මන් අර්බුද හැක ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුක්රේනයේ යුද්ධය හේතුවෙන් බටහිර රටවල වෙසෙන රුසියානු දරුවන් විවිධ හිරිහැරවලට ලක්වන බව Save the Children ආයතනය අනාවරණය කරයි.

Read More

සමීප මිත්‍ර අසල්වැසියෙකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඉන්දියාවේ සංචාරක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (16දා) පස්වරුවේ නවදිල්ලි නුවරදී හමුවූ අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

Read More

ජල බිල්පත් ඉහළ දැමීමට තමන් අමාත්‍ය ධුරය දරන තාක්කල් ඉඩ ලබා නෙදෙන බවත්, එහෙත් ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස තවදුරටත් කැබිනට් මණ්ඩලය වර්ජනය කරන බවද ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

වෙළෙඳපොලේ තෙල් මිල පහලට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් මිල ඩොලර් 98 යි මේ වෙනකොට. ඉතින් ඇත්තටම යහපාලන කාලේ තිබුණු ඩොලරයට රුපියල් 180 ට තිබුණ නම් සහ මේ මිල ගත්තා නම්, අද වෙනකොට ඇත්තටම ඩීසල් ලීටරයක මිල වෙන්නේ, රුපියල් 126 යි. පෙට්‍රල් ලීටරයක් වෙන්නේ රුපියල් 130 යි.

Read More

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයා ආර්ථික අර්බුදයට හේතු වශයෙන් කාරණා 06ක් ඉදිරිපත් කර තිබෙන බවත්, ආර්ථික අර්බුදයට මූලික හේතුව ලෙස 2019දී අත්තනෝමතිකව බදු කපා හැරීම පෙන්වා දී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ලෝකයේ දිගම මෝටර් රථයට අදාළ ගිනස් වාර්තාව ඇමෙරිකාවට හිමිව තිබේ. ඇමෙරිකානු සිහිනය නමින් හැඳින්වෙන මෙම මොටර් රථය අඩි 100ක් හා අඟල් 1.5ක් දිගකින් යුක්ත වෙයි.

Read More

ඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පොරොන්දු වූ බවත්, මේ අනුව සිදුකළ වැඩ වර්ජනය අද (16දා) දහවල් නවතා දැමූ බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණරත්න සමත්විය. ඒ නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී ශතකයක් සමගින් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල අංගනය හදිසි නිරීක්ෂණයකට එක්වී ඇත.

Read More

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ මෙගාවොට් 35ක ධාරිතාවය නොබෝ දිනකින් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කළ නිල විදේශ විනියම අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 274.9ක් බවට පත්ව තිබේ. එම විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 264කි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22දා පැවැත්වීමට අද (16දා) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

චීනය සමග යුද්ධයක් ඇතිවීමට ඉඩක් ඇති බවට ඔස්ට්‍රේලියාව ප්‍රකාශ කිරීමත් සමග ඇමෙරිකාවේ සෙබලුන් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවට පිටත් කර හැරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දීය සංචාරයකට එක්ව සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (16දා) නවදිල්ලියේදී හමුවිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේදී ආණ්ඩුවට රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවට පිළි ගන්නේ නම් වඩාත් යහපත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ප්‍රමාණවත් තරම් ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ මෙන්ම ලාෆ්ස් ගෑස් ගෘහස්ත පරිභෝජනය වෙනුවෙන් ගෑස් නිකුත් කිරීම නවත්වා තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්මුතිය ඉදිරියට පවත්වාගෙන යාමට ජනපතිවරයා අපොහොසත් වී ඇති බවත් ආණ්ඩුව බලයට ගෙන ආ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ පැවැසූහ.

Read More

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

රුසියාව විසින් යුක්රේනය ආක්රැමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බව යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් පවසයි.

Read More

බඩඉරිගු වගාව හා කිරි ගව පාලනයට ඉඩම් යොදා ගැනීමේ දී අවශ්‍ය වන පාරිසරික ඇගයීම් වාර්තා නිකුත් කිරීමේ දී පවතින ප්‍රමාදය වහාම අවසන් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

සතියකට පමණ පසුව ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ අගයක් වාර්තා වී තිබේ.

Read More

මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.

Read More

ජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද නායකත්වයට මෙන්ම පෙන්ටගනයේ සහ සීඅයිඒ ප්‍රධානීන්ට එරෙහිව මොස්කව් සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

හෙට දිනයේදීී රාත්‍රී 8.30ට ජනපති ජාතිය ඇමතීමට නියමිත අතර එය ජනතාවට බලා ගැනීම වෙනුවෙන් රාත්‍රී 8.00 සිට 9.30 දක්වා දිවයිනේ විදුලිය කප්පාදුවක් සිදු නොකරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.