සම්බාධකවල බූමරංග බලපෑම රුසියානු ජනපති පෙන්වා දෙයි
රුසියාව හුදකලා කිරීමට සහ දඬුවම් කිරීමට බටහිර උත්සාහයන් ඒවායේ නිර්මාතෘවරුන්ට ආපසු හැරී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ප්‍රකාශ කළේය.
මොස්කව්හිදී තරුණ ව්‍යවසායකයන් පිරිසක් අමතමින් ඔහු රුසියානු විරෝධී සම්බාධක පැනවූ රටවලට විඳින්නට සිදුව ඇති ආර්ථික ප්‍රතිවිපාක පූටින් පෙන්වා දුන්නේය.
"යමෙක් යම් කරුණක් සම්බන්ධයෙන් අපව පාලනය කිරීමට උත්සාහ කළහොත්, ඔවුන් අවසානයේ තමන්ටම ඒ මට්ටු කිරීම දරාගන්න වෙනවා" යැයි රුසියානු නායකයා පැවසීය.
"උදාහරණයක් ලෙස, ඔවුන් අපගේ පොහොර අපනයනය සීමා කරනවා. දැන් ඒවායේ මිල ඉහළයි. මෙතැනට වඩා ඒ රටවල මිල බොහෝ වැඩියි. ඔවුන් අපේ බලශක්ති අපනයන සීමා කිරීමට උත්සාහ කරනවා. ඒවායේ මිල අහස උසට යනවා. ඔවුන්ගේ උද්ධමනයට හේතු කියන්න ඔවුන් මගේ නම භාවිත කිරීමට පවා උත්සාහ කරනවා. නමුත් යථාර්ථය නම් අපට එයට කිසිසේත්ම සම්බන්ධයක් නැති බවයි." පූටින් මෙම අදහස් පළකළේ ප්‍රේක්ෂකාගාරයෙන් සිනහ ගන්වමිනි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

