මාස හයකට පමණ පසු හැටන් නගරයේ ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා දෙයි.
මාස හයකට පමණ පසුහැටන් නගරයේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයාට සමාගමෙන් නිකුත් කරන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩර් පොලිසිය සහ යුධ හමුදා නිලධාරින්ගේ ආරක්ෂාව මැද්දේ (10) දින පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලැබීය.
හැටන් නගරයේ ආපනශාලා , උත්සව ශාලා හිමියන්ට කිලෝ 37.5 මෙගා සිලින්ඩර් සහ පාරිභෝගිකයන් කිලෝ 12.5 සිලින්ඩර් සහ කිලෝ 7.5 ගැස් සිලින්ඩර් මෙසේ බෙදා හරිනු ලැබීය.
ආපනශාලා සහ උත්සව ශාලා හිමියන්ට හැටන් නගරයේ ආපනශාලා හිමියන්ගේ සගමයේ අධික්ෂණය යටතේ ගැස් සිලින්ඩර් බෙදා හැරීය.
මාස කිහිපයක් තිස්සේ ලාෆ් ගැස් නොමැති විම හමුවේ හැටන් ප්රදේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටියි.

