ලෝක ආහාර සංවිධානයේ විධායක අධ්යක්ෂ ඩේවිඩ් බේස්ලී මහතා වෙත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කථා කර තිබේ.
අග්රාමාත්යවරයා සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරන්නේ විධායක අධ්යක්ෂවරයාට ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස තමන් ආරාධනා කළ බවත් ඔහු එය පිළිගත් බවත්ය.
ඒ අනුව ඔහු ඉතාමත් ඉක්මනින්ම ශ්රී ලංකාවේ සංචාරයකට එක්වෙනු ඇතැයිද ලෝක ආහාර සංවිධානය ශ්රී ලංකාවට ලබාදෙන සහාය අගය කරන බවත් අග්රාමාත්යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.