ප්රකට ව්යාපාරික, පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා ශ්රී ලංකා හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක සනත් ජයසූරියගෙන් සමාව ඉල්ලා තිබේ. සනත් ජයසූරිය මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.
මෑතකදී පැවැති රූපවාහිනී වැඩසටහනකදී ධම්මික පෙරේරා විසින් සනත් ජයසූරියගේ නම් වරදවා ප්රකාශ කළ අතර එහිසී ඔහු සනත් ජයසූරියගේ නම සනත් ගුණතිලක ලෙසත් අරවින්ද ද සිල්වාගේ නම අරවින්ද පෙරේරා ලෙසත් ප්රකාශ කළේය.
මෙයට ප්රතිචාර දක්වමින් සනත් ජයසූරිය විසින් තමන් සනත් ජයසූරිය බවට සඳහන් කරමින් වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්කර තිබුණි.