saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5610 hours ago

LATEST

හොංකොං කොවිඩ් රැල්ල පාලනයට ගත් බව කියයි

calendar_today 2022 මාර් 22 - 19:00 remove_red_eye - 149  

නගරයට ඇතුළු වන සංචාරකයින්ට ඔවුන්ගේ නිරෝධායනයේ හයවැනි සහ හත්වැනි දිනවලදී වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කළහොත් නිරෝධායන කාලය දින 7කට කෙටි වෙයි. කෙසේ වෙතත්, එවැනි සංචාරකයින් නගරයට ඇතුළු වීමට පෙර සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතු වෙයි.

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නවට ප්‍රදේශයේ නිවස තුළ තිබී ශොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

සහනධාර පදනම මත ධීවරයින්ට නිකුත් කරන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන්ට නිකුත් කිරීම හේතුවෙන් පානදුර , පිංවත්ත ඉන්ධන පිරවුම්හලේ අද (22) පෞද්ගලික බස් හිමියන් සහ ධීවරයින් පිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පිංවත්ත පොලිසියේ මැදිහත් වීමෙන් සමථයකට පත් කරන ලදී.

Read More

මෙරට පැවති යුද්ධය අවසන් වී වසර 10ට වැඩි කාලයක් ගතවීමෙන් පසුවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනතක් මෙරට නීති පොත් වල තිබීම ලැජ්ජාවට කරුණක් බව විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් අද (22දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

නවගත්තේගම කුරුකැටියාව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකට අද (22දා) අලුයම එල්ල වු වල් අලි ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසීය.

Read More

විදුලි බිල සහ අනෙකුත් සේවාවන් වල ගාස්තු වැඩි වන්නේ නම් එම වැඩිවන ගාණට සාපේක්ෂව ජල බිල්පත් වල මිල ඉහළ දැමීමට සිදු වන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

Read More

ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන මිනිසුන් වෙසෙන රට ලෙස ෆින්ලන්තය අඛන්ඩව පස්වෙනි වතාවටත් තේරීපත් වෙයි. එම දර්ශකයේ 127 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇත.

Read More

හැටන් නගරයේ භුමිතෙල් අලෙවි කරන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද (22දා) භුමිතෙල් තොග ලැබිම නිසා භුමිතෙල් මිල දි ගැනිමට ඉන්ධන පිරවුම්හල අසල අලුයම සිට පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

මෙරට ගුවන් තලය ඩොලර් මිලියන 29කට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.

Read More

“අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර හැකි බවට ශ්‍රේෂ්ඨාධීකරණය සිය තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

Read More

දොඹගහවෙල පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදි, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකර,එම නිලධාරියාට අතින් පයින් පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (21දා) අත්අඩංගුවට ගත්බව දොඹගහවෙල පොලිසිය පවසයි.

Read More

යාපනය මාණිප්පායි පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පෙති 3010 ක් සමගින් පුද්ගලයෙකු ඊයේ (21දා) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ දූෂන මර්ධන අංශය පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉන්ධන පිරවුම්හල් වලට ඊ‍යේ (21දා) මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා ඇත. ඉන්ධන පිරවුම්හල් වල ඇතිවන කලබලකාරී තත්ත්වයක් මැඩපැවැත්වීම සඳහා මෙලෙස හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දැනගන්නට ඇත.

Read More

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.

Read More

වසංගතයේ වසර දෙක තුළ, අන්ත දරිද්‍රතාවයේ සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩුවෙන් ජීවත් වන) සංඛ්‍යාව මිලියන 10කට වඩා වැඩි වී ඇතැයි ගණන් බලා ඇති බව සංවර්ධන බැංකුව පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක සඳහන් කළේය.

Read More

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු ඊයේ (21) සවස පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලීසිය සඳහන් කරයි

Read More

චීනයේ ග්වාංෂි හිදී ඊයේ (21දා) සිදුවූ ගුවන් අනතුරට පෙර, ඇමෙරිකානු බෝයිං 737-800 මාදිලියේ ගුවන් යානාවන් අනතුරු 22කට සම්බන්ධ වූ බව ගුවන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.

Read More

විදුලි බලාගාරවල අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (22දා) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අන්තවාදී සංවිධාන ලෙස රුසියානු අධිකරණය හැඳින්වූ තීන්දුවෙන් අදහස් වන්නේ එක්සත් ජනපද සමාජ ජාල දෙකම අවහිර කරනු ඇති බවය. නඩුව ප්‍රමාද කරන ලෙස Meta සමාගම කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි.

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ දී අද (21දා) පෙරවරුවේ වාහනයකින් ගමන් කරමින් සිටිය දී පිරිසක් තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහර දුන්නා යැයි කියන කතාවේ කිසිම සත්‍යතාවයක් නොමැති බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගාව හා කර්මාන්ත ශාලා නවීකරණය තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හෙරත් මහතා පැවසීය.

Read More

නෝර්වීජියානු නොබෙල් ආයතනයේ අධ්‍යක්ෂ පවසන්නේ නාමයෝජනා භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම කළ නොහැකි බවයි.

Read More

ගෑස් මිලදී ගැනිමට පැමිණ දෙදිනක් පෝලිම් වල සිට ගෑස් නොලැබීම නිසා කොළබ බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර නගරයේ දි අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයක නිරත විම නිසා පැයකට වැඩි කාලයක් මාර්ගය සම්පුර්ණයෙන් අවහිරවි තිබුණි.

Read More

දැනටමත් යුක්රේනයේ ගැටුමෙන් පීඩා විඳිමින් සිටින බලශක්ති වෙළෙඳපොළ සඳහා හවුති සටන්කාමීන්ගේ ප්‍රහාර බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව සෞදිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.