saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 5933 hours ago

LATEST

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරෙයි

calendar_today 2022 ජුලි 20 - 09:36 remove_red_eye - 216  

නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා තවත් විනාඩි ගණනාවක් පමණක් ඉතිරිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතර පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාවද තරකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබ

ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයේ සහාය වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට එම පක්ෂය තිරණය කර තිබේ. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිව තිබේ. ඩග්ලස් දේවානන්දා මහතා හා කුලසිංහම් දිලීපන් මහතා එම පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවේ සිටියි.

Read More

යුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අද දිනයේදී නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

(UPDATE/LIVE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්‍රකාශ කළේය.

Read More

උද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.

Read More

මේ අනුව වාහන අංක තහඩුවේ 3,4,5 යන අංක ඇති වාහන වලට හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් යතුරු පැදි සඳහා රු 1500ක්, ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2000ක් හා අනෙකුත් වාහන සඳහා රු 7000ක් ලෙස ඉන්ධන නිකුත් කිරිමට නියමිතය.

Read More

ඉරානයේ සංචාරයක නිරත ව්ලැදිමීර් පූටින් හමුවූ, අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු නේටෝ සන්ධානය ’’භයානක ආයතනයක්’’ ලෙස හැඳින්වීය.

Read More

චීනයේ බලවත්ම වාහක රොකට්ටුව වන ලෝන්ග් මාර්ච්-5B (LM-5B) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මොඩියුලයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියි.

Read More

යුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඒ සඳහා අපේක්ෂකයෙක් ලෙස එක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂය මීට ඉහතදී තීරණය කර තිබුණේ කිසිඳු අපේක්ෂකයෙක් වෙනුවෙන් සහාය නොදැක්වීමටයි.

Read More

මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිඳට දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිඳට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

කොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුව ඇතිබවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් බවට පත්ව තිබේ. මෙම මරණ තුනම අවුරුදු 30ට වැඩි කාන්තාවන් වෙයි.

Read More

එළැඹෙන සඳුදා (25දා) සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එළැ‍ඹෙන 21දා සිට යළි පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම 0,1,2 නම් - අඟහරුවාදා සහ සෙනසුරාදා 3,4,5 නම් - බ්‍රහස්පතින්දා සහ ඉරිදා 6,7,8,9 නම් - සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්වලදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

Read More

ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිටි ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණය කර තිබේ.

Read More

පොළොන්නරුව කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ලද ඉන්ධන පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත නිසි පරිදි ලැබී නැතැයි පවසමින් පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැවැන්ත විරෝධතාවක් අද (19දා) දහවල් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූහ.

Read More

පාර්ලිමේන්තුවේ ජනපතිවරයෙක් තෝරා ගැනීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙසින් එක් නොවුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු හෙට (20දා) සිදු කෙරෙන බැවින් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අද (19දා) සිට යොදා තිබේ.

Read More

ඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි. අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Read More

ඉන්ධන ලබාගැනීම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සමග වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව පමණක් අනිද්දා (21දා) සිට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

අදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවසීය.

Read More

ඉන්ධන අර්බුදය නිසා බස් ගාස්තු අධික ලෙස ඉහළ යෑමත් බස් ධාවනය අවම වීමත් හේතුවෙන් දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.

Read More

බදුල්ල ලංගම ඩිපෝවෙන් වැඩි මිලට අලෙවිකිරීමට බාහිර පුද්ගලයෙකුට ඩීසල් ඉන්ධන ලීටර් 1040ක් නිකුත් කර තිබියදි සැකකරුවන් තිදෙනෙකු සමග අද (19දා) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

Read More

ගොවීන් විසින් මිලදී ගන්නා යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රු.10,000කට වුවත්, අද දින සිට පොහොර බෑගයේ අන්තර්ගත බර ප්‍රමාණය මැන, ඒ අනුව මුදල් අය කරන ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු යොදා තිබේ.

Read More

මෙරටින් යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඊයේ (18දා) කොරෝනා අසාදිතයින් 62ක් හදුනාගත් බවද වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ්‍ය වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

Read More

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) ජපාන තානාපති කාර්යාලයට පැමිණියේය.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැදී සිටිය හැක්කේ දින 15ක කාලයක් පමණක් බවට එරට රජය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් මන්නාරමේ ධීවරයින් මාස එකහමාරකට ආසන්න කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් 2000 කට ආසන්න ප්‍රමාණයක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට මන්නාරම් ධීවර සංගම් පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.