saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5898 hours ago

LATEST

19 වැනි සංශෝධනය ඉක්මනින් ගේනවා - විරෝධතාකරුවන්ට විහාරමහා දේවි උද්‍යානය

calendar_today 2022 ජුලි 21 - 22:33 remove_red_eye - 15116  

හැකි ඉක්මනින්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි මූලික අර්ථය ඇතිවම ගෙන එන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට දැනුම්දී තිබේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති 45.3% සිට 2022 ජුනි මාසයේදී 58.9%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ඔහු කොවිඩ්-19 බූස්ටර එන්නත් දෙකක්ද ලබා සිට ඇති බව කියයි.

Read More

සන්නද්ධ හමුදා සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (ජුලි 21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණියේය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දීමට නියමිතය. කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවෙයි. පෙ.ව. 9.00ට දිවුරුම් දිම ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

(UPDATE) නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (21දා) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදි මෙම දිවුරුම් දිම සිදුකිරිමට කටයුතු සැලසුම් කර තිබේ.

Read More

රටේ ජනතාව දහසකුත් කරදරවලට මුහුණපා ඇති අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි නොකරන ලෙස මුහුදුබඩ දුම්රිය මගී සංගමය ඉල්ලා සිටී.

Read More

තමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (21දා) අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රටේ ජනතාව අරගල කරමින්, පෙළපාලි යමින් උත්සහ කළේ බලයේ සිටින හොරුන් ගෙදර යැවීමට බවත්, කෙසේ වෙතත් එම හොරු එක්ව සිය ආරක්ෂාවට ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා පත් කර ගැනීම සිදුවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

පැය 24ක් සඳහා තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන්ට දන්වා තිබේ. නව චාරිත්‍රානුකූල ආරම්භයක් වෙනුවෙන් මෙසේ පාර්ලිමේන්තුව පැය 24කට වරාවසාන කරන බව ජනපතිවරය ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ඩෙංගු මර්දන විශේෂ දිනයක් ලෙසට ලබන 25 දා සඳුදා ප්‍රකාශයට පත්කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21දා) වරෙන්තු නිකුත් කළේය.

Read More

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21දා) ඉල්ලා සිටියේය.

Read More

ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේ රූපවාහිනී සජීවී විකාශ කටයුතු අඩාල වෙමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය විසන්ධි වීම සම්බන්ධව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

Read More

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.

Read More

පිටිගල ප්‍රදේශයේ ගෑස් පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසයි .

Read More

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සමන් ඒකනායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

Read More

සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමන් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පැරණි කසිරුණා වෙරලතීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී රුපියල් මිලියන 172 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 575 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවරයා ඉදිරියේදී ජනපතිවරයා සිය දිවුරුම කියැවීය. ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානින් මෙම අවස්ථාවට එක්විය.

Read More

(LIVE VIDEO) ශ්‍රී ලංකාාවේ අටවැනි විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි දිවුරුම් දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

තරගය පැවැත්වෙන්නේ පාලක ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂයේ අපේක්ෂක යෂ්වන්ත් සිංහ අතරය.

Read More

වත්මන් සාර්ව ආර්ථික තත්ත්වයන් සහ/හෝ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිය ආදායමට හෝ ව්‍යාපාරයන්ට අහිතකර බලපෑම් ඇති වී ඇති ණය ගනුදෙනුකරුවන් වෙත, බැංකු අංශයේ ස්ථායිතාව කෙරෙහි අනවශ්‍ය ආතතියක් ඇති නොවන පරිදි, මාස හයක කාලයක් සඳහා සුදුසු සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පුද්ගලයෙකුට රාජකාරියක් හෝ ගෙදර දොරේ වැඩ වැනි දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඇති හැකියාවට එය බලපෑ හැකිය.

Read More

නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. අරගලයක් කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න, ගෙවල් ගිනි තියන්න. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒක නීති විරෝධියි. නීති විරෝධී අයට අපිට නීතිය අනුව ක්‍රියා කරනවා. තරුණයන්ට අනාගතය හදන්න මම සම්පූර්ණ සහාය දෙනවා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.