තමා මෙරට ජනාධිපති ධූරය බාර ගෙන ඇති හෙයින් සිය මන්ත්රී ධුරයෙන් අස් වන බව දැනුම්දෙමින් ජනපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (21) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා එම පක්ෂය විසින් පත් කෙරෙන පුද්ගලයා පිළිබඳ නාම යෝජනාව මැතිවරණ කොමිෂන් සභාවට අද හෙටම ඉදිරිපත් කරෙනු ඇතැයි දැනගන්නට ඇත.