saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5361 hours ago

LATEST

ඖෂධ හිඟයට නියාමන අධිකාරියත් වගකිව යුතුයි

calendar_today 2022 මැයි 26 - 16:44 remove_red_eye - 211  

ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම හා ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

වාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.

Read More

අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් මත ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැංකු ක්ෂේත්‍රයට දැනුම් දී තිබේ. එසේම මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම කිරීම වෙනුවෙන් ඇත්තේ කුඩු කවුළුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

Read More

අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් අද (26දා) රෝහලේ ප්‍රධාන කාර්යාලය වටලා ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට ළමුන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව අවධාරණය කරසිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උපදෙස් ලබා දී තිබේ.

Read More

“ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

ජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවද යුද හමුදාව නිවේදනය කරයි.

Read More

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කැස්බෑව මාවිත්තර නිවස ඇතුළු නිවාස තුනකට පහරදී දේපල කොල්ල කා ගිනි තැබූ බව කියන පුද්ගලයන් 24ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම නීතිවිරෝධී මත්පැන් වැටලීම ඊයේ (25දා) සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇති බව එම පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

සිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.

Read More

නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රට තුළ පවතින ඖෂධ හිඟයත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

දිවයින පුරා සතොස ශාඛා වල අද (26දා) සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් පැවසිය.

Read More

සිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.

Read More

පවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අණාවරණය කළේය. 2025 වසරේදී ප්‍රාථමික අයවැයේ අතිරික්තය සියයට 2ක් කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවත් එය ගැටලුකාරී තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

Read More

’මාලමුල්ලේ අයිස් චූටි’ නැමැත්තා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් තොගයක් සමග ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ආණ්ඩුව විසින් 19 ප්ලස් ගෙනු ඇති බවට අදහසක් තිබුණත් ගෙන එන්නේ 19 මයිනස් බවත් ඔහු පැවැසීය. මෙවැනි ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෝකය පිළි නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

කොට්ටුකච්චිය රන්සේලගමට අද (26දා) අලුයම කඩා වැදුන වල් අලියකු නිවසක බිත්ති කඩා එහි ගබඩා කර තිබු වී තොගයෙන් කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් ගිල දමා ඇති බව නිවැසියන් පවසති.

Read More

චීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි. ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝර්ජියාවා ප්‍රකාශ කරයි. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය. “කලක් ඉතා සමෘද්ධිමත් වූ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පින්තූර නැරඹීමෙන් මගේ හදවත බිදී යනවා” යැයි ඇය පවසයි.

Read More

හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් පෝලිමේ සිටියදි පෞද්ගලික බස් රථයක් ඉන්ධන ටැංකියේ තිබුණු තෙල් බූලි කිහිපයකට පුරවමින් සිටින අන්දම අද (26දා) දැක ගත හැකි විය.

Read More

මාතලේ විල්ගමුව එලවනාකන්දේ දි ඩීසල් රැගත් බවුසරයක් අද (26දා) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසයි.

Read More

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Read More

මැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.

Read More

මහියන්ගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 45ක් වන පියා හා අවුරුදු 10 හා 15 වයස්හි පසුවන පුතුන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔවුන් සොයා වැවට ගොස් තිබේ.

Read More

විවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.