2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) 18දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එමෙන්ම විසි දෙවැනි ආණ්ඩුක්රපම ව්යපවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එළඹෙන 20 සහ 21යන දෙදින තුළ පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රනධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙම සතියේ පාර්ලිමේන්තුව හෙට සිට එළඹෙන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රවශ්න සඳහා වෙන්කර ඇත.
18දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව 10.30 සිට ප.ව. 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව.5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.
19දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා අධිකරණ අමාත්යාංසශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 06ක් විවාදයට ගැනීමටද කාරක සභාවේදී තීරණය වී තිබේ. මේඅනුවවිෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නිබලපත්රද (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත්කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව එදින ප.ව 5.00 - ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා වෙන්කර ඇත.
එළඹෙන 20 සහ 21 දෙදින පෙ.ව. 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩු ක්රමවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, 20 වැනිදා ප.ව 5.00 - ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහාය.
එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්රවම ව්යනවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමටද නියමිතව තිබේ.