ගැට කැපිමට පැමිණි කාන්තාවන් 05ක් මාට්ටූ
හැටන් නගරයේ ගැට කැපිමට පැමිණ සිටි කාන්තාවන් පස්දෙනෙකු හැටන් පොලිසිය මගින් අද (17දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එළඹෙන දිපවාලි උත්සව සමයේ හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරිමට මෙම තරුණියන් පස් දෙනා තවත් පිරිසක් සමග හැටන් නගරයට පැමිණ ඇති බවයි හැටන් පොලිසිය විසින් දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා අභිකුණ්ඨකයන් බවත්, එම කාන්තාවන් පස් දෙනා හොදින් ඇද පැළද උත්සව සමයේ හදුන්කුරු අලෙවි කිරිමේ මුවාවෙන් මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගන්නා බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
අවු 18 – 30 වයස් කාණ්ඩ වල පසුවන අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබි මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත්, මෙවැනිම පිරිසක් හැටන් පොලිසිය විසින් මිට ප්‍රථම අත්අඩංගුවට ගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගත් තරුණියන් පස් දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

