වෙළඳ පොලෙහි තිරිඟු පිටි මිල අඩු වීමක් සිදු වී ඇතැයි පැවසුවද බේකරි නිශ්පාදන මිලෙහි කිසිදු සංශෝධනයක් කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වෙළඳ පොලෙහි තිරිගු පිටි මිල අඩු වීමේ වාසිය බේකරි නිශ්පාදන මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ලබා දෙන්නේ දැයි අප ජයවර්ධන මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු එලෙස ප්‍රකාශ කළේය.
ඉකුත් 14 දින මධ්‍යම රාත්‍රීයේ සිට තිරිගු පිටි මිල රුපියල් 375/= සිට රුපියල් 290/= ක් දක්වා රුපියල් 85/= කින් අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරුවන් හා වෙළදුන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
එලෙස තිරිගු පිටි මිල අඩු කල බව පැවසුවද එම අඩු කල මිලට වෙළඳ පොලෙහි තිරිගු පිටි නොමැති බව ජයවර්ධන මහතා පැවසීය. රුපියල් 240කට තිබූ තිරිගු පිටි මිල රුපියල් 420/= කට වැඩි කල බවත් තිරිගු පිටි මිල එතරම් ඉහළ යාමක් සිදු වුවද පාං මිල ඉහළ නොදැමූ බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කලහ. පාං මිල අඩු කිරීමට නම් තිරිගු පිටි මිල අවම වශයෙන් රුපියල් 250/= ක් දක්වා අඩු කල යුතු බවද ඔහු පැවසීය.
ප්‍රසංග පෙරේරා