කොළඹ දෙවනත් කළ ආමි සම්පත්ගේ වෙඩික්කරු අත්අඩංගුවට
කොළඹ ප්‍රදේශයේ දී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රන් සෙම්බුව ගේ චාමර සම්පත් නොහොත් ආමි සම්පත් නමැත්තා ගේ වෙඩික්කරු ලෙස කටයුතු කරන පුද්ගලයා බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම සියලුම වෙඩි තැබීම් ඔහුගේ උපදෙස් මත සිදු කළ බවත් වැඩිදුරටත් සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු සමඟ හා විදේශීය රටක නිෂ්පාදිත 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන ජීව පතරොම් එකොළහක් , හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 මිලිගෑම් 11 ක් හා අපරාධයන් සඳහා යොදාගත් යතුරු පැදියක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු පදිංචි රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී අල්මාරිය තුල සඟවා තිබූ මත්කුඩු තොගය සහ ගිනි අවිය මෙන්ම ජීව උණ්ඩ සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු විසින් ඉකුත් ජූලි මස 11 වෙනි දින බ්ලූමැන්ඩල් පොලිස් වසමේ මාදම්පිටිය ප්‍රදේශයේ දී සහ 12 වෙනි දින වෙරළබඩ පොලිස් වසමේ හින්නිහාමි මාවතේ දී මෙන්ම ඉකුත් සැප්තැම්බර් 28 වැනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත අලුත් පාලම අසලදී පුද්ගලයන් තිදෙනකුට දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යන අපරාධයන් සඳහා වෙඩිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී ඇත.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹ අපරාධ කොකොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

popular news
-
janahitha Tuesday, 18 October 2022 03:45 AM
vadi vela inne army sampathda ?
Reply : 0 0
nazar Tuesday, 18 October 2022 03:47 AM
mese uda thiyena eaka deela thiyenne budu hamuduruvan venna baha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

