saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5296 hours ago

LATEST

ධීවර බෝට්ටු 2000කට දවස් 20කින් ඉන්ධන නෑ

calendar_today 2022 මැයි 30 - 12:08 remove_red_eye - 215  

මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ මත්ස්‍ය කර්මාන්තය නැවතී දැඩි පීඩාවන්ට පත්ව සිටිති

යාපනය සිරුපිඩ්ඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊයේ (29දා) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට අච්චුවේලී පොලීසිය පවසයි.

Read More

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය ප්‍රකාශ කළා ය.

Read More

2022 ජුනි මාසය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් නිෂ්පාදන අවශ්‍යතාව සම්පූර්න කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 554ක අවශ්‍යතාවක් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ගෑස් නිසි පිලිවෙලකට බෙදා හැරිම සදහා එම පිරිස් ලියාපදිංචි කිරිම අද (30දා) හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පැවැත්විණි.

Read More

කොළඹ, පිටකොටුව බැස්ටියන් මාවතේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ.

Read More

අවිස්සාවේල්ල සිට දංකොටුව තඹරවිල ප්‍රදේශයේ පිහිටි ඇඟඵම් කර්මාන්තශාලාවකට රෙදි ප්‍රවාහනය කල කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්කල ලොරි රථයක් අද (30දා) අඵයම දංකොටුව යෝගියාන මන්සන්ධිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ පාලමේ පැති බැම්ම කඩාගෙන ඇළට පෙරලී ඇති බව දංකොටුව පොලීසිය පවසයි.

Read More

මම යම් රැස්වීමක ඉන්න කොට, අමාත්‍යවරු හතර පස් දෙනෙක් එක්ක. මට යම් පණිවිඩයක් ආවා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන. මම කිව්වා මේ වෙලාවේ වැටුප් නොලබන මිනිස්සුන්ට කියලා අපිටත් ගුටිගස්සන්න ලෑස්ති වෙන්න සුදුසු නෑ මම කලින් කියපු කැටගරි වලට ප්‍රවාහන දුෂ්කරතා සමනය කිරීමේ දිමනාවක් ලබාදීම සුදුසු කියලා.

Read More

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ඖෂධ තොගයක් දින තුනකින් ලංකාවට ගෙන ආවත් එම ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගෙන ඒම සඳහා දින 12ක් ගතවී තිබෙන අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.

Read More

බලපිටිය වැල්ලබඩ ප්‍රදේශයේදී ඊයේ (29දා) රාත්‍රියේදී පොලිසිය හා පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කොට ඇත.

Read More

බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය

Read More

බණ්ඩාරගම අටුළුගම අයේශා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන සාක්ෂි රැසක් විනාශ වී ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Read More

මන්කිපොක්ස් යනු සාමාන්‍යයෙන් මෘදු නමුත් බෝවන රෝගයකි. එය සමීප ස්පර්ශයකින් පැතිරෙන අතර, එය ස්වයං-හුදකලා කිරීම සහ සනීපාරක්ෂාව වැනි පියවරයන් හරහා සාපේක්ෂව පහසුවෙන් පාලනය කළ හැකිය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2022 ශූරතාව හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

නේපාල හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වූ ජෙට් යානයේ අනතුර සිදුවූ බවට සැලකෙන ස්ථානය හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශ්ව සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය. මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට හා ආර්ථික ප්‍රකෘතිය නැංවීම වෙනුවෙන් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය බව ඔහු පවසයි.

Read More

තුර්කි නායකයා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමගද වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට සූදානමින් සිටියි.

Read More

රාජපක්‍ෂ පවුල සුරකීමේ නාමයෙන් සහ ඡන්දයෙන් විධායක ජනාධිපති විය නොහැකි පුද්ගලයන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කිරීමේ අරමුණින් 21වැනි සංශෝධනය දියාරු කිරීමේ කුමන්ත්‍රණයක වත්මන් රජය නියැළී සිටින බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්‍රෝ, ජනපතිවරණයේ පළමු වැනි වටයේදී 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

Read More

පසුගිය මැයි 09දා කොළඹ ගාලුමුවදොර ප්‍ර දේශයේ සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

කුඩා දරුවන් 19දෙනෙකු ඇතුළු ගුරුවරුන් දෙදෙනෙකු පසුගියාද වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර, මේ වනවිට ඇමෙරිකාව නිරන්තරයෙන් මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ප්‍රසිද්ධියක් උසුලන රටක් බවට පත්ව තිබේ.

Read More

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.

Read More

මුල්‍ය කාරක සභාවේත් අධීක්ෂණ කාරක සභා 10ත් සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රීවරුන් පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද (29) වනදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

Read More

දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත පොලීසිය තුළ සිදු කළ සියලු මාරු කිරීම් සහ පත් කිරීම් වහාම අහෝසි කොට සුදුසුකම් මත කුසලතා මත අදාල නිලධාරීන් පත්කොට වහාම පොලිස් දෙපාර්තුමේන්තුව ප්‍රතිසංවිධානය කරන ලෙස පොලිසිය භාර අමාත්‍යවරයාත් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමනුත් පොලිස්පතිවරයාට පැහැදිලි උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක මිලකට අලෙවි වු සුදු සිනි කිලෝවක් රු 330 මිලකටත් මේ වන විට අලෙවි වෙමින් පවති.

Read More

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටළුවලටදිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් එය ඉතා පැහැදිලි බවත් පළාත් සභා, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.

Read More

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන් යානයක් පුද්ගලයන් 22 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.