කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්ර දේශයේදී වෑන් රථයක් හා යතුරු පැදි තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිවල ගමන් කළ අවුරුදු 27ක් වන පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයා පොලීසිය පවසයි.
කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වීමේදී කෑගල්ල දෙස සිට කොළඹ දෙසට නියමිත මංතීරුවා ගමන් කළ යතුරු පැදි 03 ක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරු පැදි තුනෙක් පැදිකරුවන් තිදෙනා හා පසු පැදිකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
එසේ රෝහල් ගත කළ අය අතරින් පැදිකරුවන් දෙදෙනෙක් හා පසු පැදිකරුවෙක් මිය ගොස් ඇති අතර තුල්හිරිය හා වේයන්ගොඩ පදිංචිකරුවන් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.