ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් හා පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සම්බන්ධයෙන් ෆිෆා සභාපති ජි. ඉන්ෆැන්ටිනියෝගෙන් ධනාත්මක ප්‍රතාචාර ලැබුණ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
සභාපතිවරයා හා අමාත්‍යවරයා අතර සිදුවූ හමුවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් ඉක්මනින්ම පත්කරන බවත් මේ සඳහා අවශ්‍ය ඉඩම් සිය අමාත්‍යාංශය මගින් ලබාදෙන බවත් හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.