දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයට යාමට නියමිතව ඇත.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන 19 වැනිදා පැවැත්වෙන මහා රැජිනියගේ අවමංගල්‍ය උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙයි.
අනුව ජනාධිපතිවරයා ලබන 17 හෝ 18 මහා බ්‍රිතාන්‍ය බලා යාමට නියමිතය. එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.
1952සහ 1972 අතර කාලයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී සහ ලංකාවේ රැජින වූයේ දෙවන එළිසබෙත් රැජිනයි