ගොවීන්ට අවශ්‍ය පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් මිලදී ගැනීමට උපකාර කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 40 ක සංවර්ධන ආධාරයක් සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරි සමන්තා පවර් මහත්මිය නිවේදනය කළාය.
මේ වන විට ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත සමන්තා පවර් මහත්මිය මෙම ආධාරය ප්‍රකාශයට පත් කළාය.
කොන්ග්රස් අනුමැතියට යටත්ව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මෙම මුදල් ගොවීන්ට පොහොර සහ අනෙකුත් වැදගත් කෘෂිකාර්මික යෙදවුම් ලබා දීමට ආයෝජනය කරනු ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම තීරනාත්මක සහය එළඹෙන "මහ" වගා කන්නයේ උපරිම ප්‍රයෝජනය සඳහා යොදා ගැනිමට නියමිතය.
ඒසේම ඇතැම් ගොවීන්ට මේ හරහා මුදල්මය ආධාරද ලබාදිමට නියමිතය.