විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16කින් ඉහළට
මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මේ ආකාරයට ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවීමට කටයුතු කළ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
popular news
-
අප්පුහාමි Saturday, 10 September 2022 12:46 PM
දැන් ටිකක් ආර්ථිකය ශක්තිමත් වෙමින් තියෙනවා ඒ අතරේ ගෝටා කියනවා ඉන්දියාව එපා කියද්දී රනිල්ට ජනාධිපති කම දුන්න නිසා ඉන්දියාව තරහ වුනාද කියලා හිතෙනවා කියලා හිතාගෙන ඉන්නෙ ආපසු එන්නදෝ කියලා මට හිතෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

