මවක් හා දියණියක් නිදි යහනේදීම ඝාතනය කරයි
බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පිල් වතු ගම්මානයේ නිවසක ජීවත්වු මවක හා දියණියක ඊෙය් (09) දින රාත්රි නාදුනන පිරිසක් පැමිණ නිදි යහනේ සිටියදි තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
නිවසේ පදිංචිව සිටි එච්.එම් රංමැණිකා මව (80) හා අවිවාහක කාන්තාවක වන ආර්.එම් ජයවතී (55)දියණිය නිදි මහනේ සිටියදීම කපා කොටා ඝාතනය කර තිබෙන අතර නිවසේ වෙනත් කාමරයක සිටි බව කියන තවත් දියණියක් වන ආර්.එම් මිසිනෝනා (60) කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා සිටියදී බදුල්ල මහ රෝහලට රෝහල් ගත කර තිබේ.
ස්වාමියා මිය ගිය පසු ඝාතනයට ලක්වු 80 හැවිරිදි සය දරු මව ගැලන්ඇල්පිල් තේ වත්තේ කර්මාන්තශාලාවක රැකියාව කරමින් දියණියන් දෙනෙකු සමග නිවසේ ජීවත්ව සිටියදී මෙම ඝාතනය සිදුව තිබේන බව පොලිසිය කියයි.
මිය ගිය මව ප්රදේශයේ හිතවතුන්ට පොලියට මුදල් දෙන බව තොරතුරු ලැබුන බව පොලිසිය කියයි.
ප්රසන්න පද්මසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

