මත් ද්‍රව්‍ය වැටලිමකට එක්වි සිටි පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින් පිරිසකට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී ඊයේ (10දා) සවස පිරිසක් එල්ල කල ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වි ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.පි.එස්.පී.පතිරණ,පොලිස් සැරයන් 35007 සේනාරත්න,පොලිස් කොස්තාපල්වරුන් 78216 කුමාර,හා82233 සුභසිංහ යන නිළධාරින් මෙසේ පහර කෑමට ලක්වි ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
10 දින සවස විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින් පුත්තලමේ සිට කොට්ටුකච්චිය ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට පැමින අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන යතුරු පැදි වලින් රැගෙන යමින් සිටියදි මහ මග බිමතින් රැදි සිටි තරුණයින් පිරිසක් සිවිල් ඇදුමින් සිටි පොලිස් නිළධාරින් සමග බහින් බස් විමක් ඇතිව තිබු බව කියයි.
එයින් පසුව මෙම සැකකාර තරුණයින් පිරිස සිවිල් ඇදුමින් සිටි විෂ මත්ද්‍රව්‍ය ඒකකයෙ නිළධාරින්ට යකඩ පොලු හා ලි මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.
අදාල පහර දිම සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනා ගෙන ඇති බව ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙසේ ප්‍රහාරයට ලක්වු පොලිස් නිළධාරින් කඩිනමින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබු බව කියයි.
පුත්තලම රෝහල බලධාරියකු පවසා සිටියෙ පහර කෑමට ලක්වු පොලිස් නිළධාරින්ට මූලික ප්‍රතිකාර ලබා දිමේන් පසුව වාට්ටු වෙත නේවාසික ප්‍රතිකාර සදහා යොමු කල බවයි.
සිද්දිය සැලවිමත් සමග පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.සෙනවිරත්න මහතා කඩිනමින් අදාල ස්ථාන වෙත පැමිනිමටත් පහර කෑමට ලක්වු නිළධාරින්ගෙ තත්වය සොයා බැලිමටත් පුත්තලම මූලික රෝහල වෙත පැමිනිමටත් කටයුතු කර තිබුනී.
ඒ සමගම පුත්තලම ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි අජීත් හේමසිරි මහතාගෙ අධික්ෂණය යටතේ පුත්තලම හා ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරුන් වන ඕ.බි.අමරබන්දු,එච්.එම්.පී.එස්.හේරත් යන මහත්වරුන්ගේ මෙහෙය විමෙන් ආණමඩුව පොලිස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරින් කන්ඩායමක් මෙම සිද්දිය සම්බන්ධව පුර්ණ පරික්ෂණ පැවැත්විමට හා සැකකරුවන් අත් අඩංගුවට ගැනිමත් යෙදවිමට නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාල නිළධාරින් දැනුවත් කර තිබුනී.