saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 5598 hours ago

LATEST

දේශපාලනයෙන් තොරව සහාය දෙනවානම් මාස 6න් රට සාමාන්‍ය තත්ත්වයට

calendar_today 2022 සැප් 04 - 17:22 remove_red_eye - 979  

රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනිමට රට භාරගත් නායකයාට පක්ෂ පාට භේද දේශපාලනයෙන් තොරව සහයෝගය දක්වන්නේ නම් මාස හයක් වැනි කෙටි කාලයක් තුල රටේ ආර්ථිකය සමාන්‍ය තත්ත්වයට පත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසිය.

වර්තමාන ආණ්ඩුව යටතේ රාජපක්ෂලාට දේශපාලනයට පැමිණීම සඳහා පාවාඩ එලමින් සිටින බවත්, මේ රටේ සමස්ත ජනතාව ප්‍රතිකේෂේප කළ රාජපක්ෂලා නැවත සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවිසෙනවාද? නැත්ද යන තීන්දුව ඔහු ගත යුතුව ඇති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

’’රටින් පැනලා ගිහිල්ලා තැන තැන රස්තියාදු වෙවි ලංකාවට ආව ගෝඨාභයට දැන් ජනාධිපති කමත් නැහැමන්ත්‍රී කමත් නැහැ පක්ෂයකුත් නැහැ දැන් නිකම්ම නිකම් පුරවැසියෙක් පමණයි, ජනාධිපති මුක්තිය ට මුවා වෙලා නඩු තිස්පහකට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ’’ කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.

Read More

අගෝස්තු මාසයේදී ලිට්‍රෝ සමාගම රුපියල් ලක්ෂ 7000කට අධික ලාභයක් ලබා ඇති බව එම සමාගම සඳහන් කරයි. එසේම ජූලි මාසයේදීද සමාගම ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.

Read More

තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට මම සූදානම් නෑ

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

Read More

2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව තිබේ.

Read More

තුර්කියේ සහ ඩුබායි හි තිරිඟු පිටි අපනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් රටට අවශ්‍ය තිරිඟු පිටි ලබාගෙන ඉල්ලුම සපුරාලීම සඳහා සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ. මේ වන විට පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් හිඟය හේතුවෙන් සතොස සහ සමුපකාර අලෙවිසැල්වල පවා තිරිඟු පිටි සිල්ලර මිල ඉහළ ගොස් තිබේ. වෙළෙන්දෝ පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 350ක් සහ 400ක් වන අතර සිල්ලර මිල රු. 360 – 380ක් බවයි. “රුසියානු-යුක්රේන

Read More

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් රජය තම සන්තකයේ ඇති වී තොග රජයේ බැංකුවලට උකස් කිරීමට තීරණය කර තිබේ. වී අලෙවි මණ්ඩලය මීට පෙර ලබා ගත් රුපියල් බිලියන දෙකකට ආසන්න ණය තවමත් නොගෙවා ඇති හෙයින් තවදුරටත් වී අලෙවි මණ්ඩලයට ණයට මුදල් ලබාදිය නොහැකි බවට රජයේ බැංකු ප්‍රකාශ කිරිමත් සමග රජය මෙම තීරණය ගෙන තිබේ.

Read More

මොහු සූදු සෙල්ලම් කිරීමත්,පොළියට මුදල් දීමත් කරමින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගෙවා ඇති බවත්,මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි. සූදුපොළක සිද්ධියක් හෝ මුදල් පොළියට දීමේ සිද්ධියක් මෙම වෙඩිතැබීමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Read More

ආසියානු කුසාලන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් තුනක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ඇමෙරිකානු ජාතිකයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අවුරුදු දෙකක් තුළ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව ලැබීමත් සමග පැරිස් සමාජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය සහන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ඉන්ධන අවශ්‍යතා, ඉන්ධන ගෙන්වා ගැනීමහ, තහවුරු කළ ඇණවුම් හා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය මුදල් පිළිබඳව සාමාලෝචනයක් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්ව ඇකඩමියක් ස්ථාපිත කළ බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

වෙළඳපොළ තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් පාන් රාත්තලක මිල මේ වන විට රු 250-300ත් අතර මිලකට අලෙවි ‌‌වෙමින් පවතී. කෙසේ වෙතත් බොහෝ බේකරි මේ වන විට පාන් නිෂ්පාදනය කිරීම අත්හිටුවා තිබේ.

Read More

බදු සහන ක්‍රමය යටතේ එය ලබාදෙන බවත් මේ අනුව වසරකට පර්චසයක් සඳහා රුපියල් සියයක් අය කරන බවද අමාත්‍යවරයා හෙතෙම පැවසීය.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය අද අලුුයම දිවයිනට පැමිණියහ. ඔවුන් දෙපළ පිළිගැනීම වෙනුවෙන් මැති ඇමතිවරු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ‌වෙත පැමිණ සිටියහ.

Read More

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.

Read More

ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 47 293ක් පැමිණ ඇති අතර අගෝස්තු මාසයේදී එම සංඛ්‍යාව 37760ක් දක්වා සියයට 20කින් පමණ පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහය ලබා දී ඇති බවත් චීනය ප්‍රකාශ කරයි.

Read More

නැවතත් දිවයිනට පැමිණි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

තාක්ෂණික ගැටලුවලින් පසු නාසා ආයතනය ආටෙමිස් සඳ රොකට් දියත් කිරීමේ දෙවැනි උත්සාහයට සැරසෙයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

Read More

මෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියයි.

Read More

සැප්තැම්බර් 03 දා සිට 05 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම සති අන්තය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය. සඳුදා දිනයේදී විදුලි කප්පාදුව පැය දෙකක් සිදු කරයි. සති අන්තයේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදු කරන අතර සඳුදා දිනයේදී දිවා කාලයේදී පැයක් හා රාත්‍රී කාලයේදී පැයක් ලෙස විදුලි කප්පාදුව සිදුකරයි.

Read More

එක්සත් ජනපදයේ වැඩිම තහවුරු වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් ඇති අතර, රෝගීන් මිලියන 93.21කට වඩා සහ මරණ මිලියන 1.03කට වඩා ඇත. මෙය ගෝලීය සමස්තයෙන් 15%කට ආසන්න ප්‍රමාණයකි.

Read More

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව අද (02) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.