පිටිගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
පිටිගල පොලිස් වසමට අයත් නියාගම කබළුව ප්‍රදේශයේදි ඊයේ (03) රාත්‍රී දෙදරු පියෙකුව වෙඩි තබා ඝාතනය කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නියාගම තල්ගස්වල,දොඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි කාරියවසම් ලොකු ගමගේ රංග ප්‍රසංග නැමැති 31 හැවිරිදි දෙදරු පියෙකි.
මොහු ඊයේ සවස නිවසේ සිට යතුරු පැදියකින් නියාගම බලා යමින් සිටියදී මාර්ගය හරස්කොට කොටයක් දමා නවතා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි මොහු නියාගම ගල්ළිඳ හංදිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.ඇල්පිටිය රෝහලින් මූලික ප්‍රතිකාර කිරීමෙන් පසු තුවාලකරු ගාල්ල කරාපිටිය රෝහලට යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අළුයම ඔහු මියගොස් ඇති බවද පොලිසිය කියයි.
මොහු සූදු සෙල්ලම් කිරීමත්,පොළියට මුදල් දීමත් කරමින් ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගෙවා ඇති බවත්,මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් පොලිසිය පවසයි.
සූදුපොළක සිද්ධියක් හෝ මුදල් පොළියට දීමේ සිද්ධියක් මෙම වෙඩිතැබීමට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ඇල්පිටිය ජේෂ්‍යඨ පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ මහතාගේ උපදෙස් මත පිටිගල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සුසිල් ප්‍රියන්ත/ ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

