ලංකා ඛනිජ තෙල් සංස්ථාව හඳුන්වාදුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට සිදුව ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් වූ ඇණවුම් සඳහා මුදල් ඉන්ධන අවශ්‍ය දිනයට පෙර දින රාත්‍රී 9.30ට පෙර ගෙවා අවසන් කළ යුතුව තිබේ.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයකට මුදල් ගෙවීම අපහසු බවද සභාපතිවරයා පැවැසීය. නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන ලබාගැනීමේ ගැටලුව හේතුවෙන් බොහෝ ඉන්ධන හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන හල් අසළ දිගු පෝලිම්ද නිර්මාණය වී තිබේ.
ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල ද එවැනිම ගෙවීමේ යාන්ත්‍රණයක් ඇතත් ඔවුන්ට ගෙවීම් අවසන් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය තෙක් කාලය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් තැන්පත් කළද නියමිත වේලාවට ඉන් ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවූ බවයි.