තුර්කියේ සහ ඩුබායි හි තිරිඟු පිටි අපනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් රටට අවශ්‍ය තිරිඟු පිටි ලබාගෙන ඉල්ලුම සපුරාලීම සඳහා සාකච්ඡා කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.
මේ වන විට පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් හිඟය හේතුවෙන් සතොස සහ සමුපකාර අලෙවිසැල්වල පවා තිරිඟු පිටි සිල්ලර මිල ඉහළ ගොස් තිබේ. වෙළෙන්දෝ පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 350ක් සහ 400ක් වන අතර සිල්ලර මිල රු. 360 – 380ක් බවයි.
“රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව දැනට ආහාර වර්ග ගණනාවක් අපනයනය කිරීම තහනම් කරයි. ඒ නිසා ඔවුන් තිරිඟු පිටි අපනයනය කිරීමත් තහනම් කළා” යැයි අමාත්‍ය ෆෙරැන්දු මහතා පැවසීය.
තිරිඟු පිටි දේශීය නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වූ ප්‍රධාන සමාගම් දෙක වන ප්‍රීමා සමාගම හා සෙරන්ඩිබ් සමාගම තමන් සතු තොග සතිපතා වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍යාංශය සමඟ එකඟතාවකට පැමිණි බවද අමාත්‍යවරයා පැවසීය.
"මෙම තොග බෙදා හැරීම නිරීක්ෂණය කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් සතිපතා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මම පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන්නා" ඔහු පැවසීය.
මේ අතර මසකට තිරිඟු පිටි මෙටි්රක් ටොන් 70ක් ආනයනය කළ දේශීය තිරිඟු පිටි ආනයනකරුවෙක් පැවසුවේ අවශ්‍ය තරම් තිරිඟු පිටි ඇති පුද්ගලයන් වෙළෙඳ පොළට තොග නිකුත් නොකර කෘතිම හිඟයක් ඇති කරන බවයි.