saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5281 hours ago

LATEST

මෝටර් රථ- යතුරුපැදි අනතුරෙන් 02ක් රෝහලට

calendar_today 2022 ජුනි 09 - 10:41 remove_red_eye - 632  

පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය අද (9දා) අළුයම හෝමාගම මාකුඹුරේ දී යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගමන්ගත් අඹුසැමි යුවළ බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හෝමාගම පොලිසිය පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය අද (09දා) අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ .

Read More

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද(09දා) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

Read More

තමන්ද රුසියානු බොරතෙල් ලබා නොගන්නා බව පවසා, ලෝකයේ වෙනත් රටවලට රුසියානු බොරතෙල් ලබාගැනීම වළක්වාලන ඇමෙරිකාව, රුසියාවෙන් සිදුකරන බොරතෙල් සැපයුම දෙගුණයකින් පමණ වැඩිකර ඇති බව හෙළිවෙයි.

Read More

විදුලි බල සැපයුම හා රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාවිසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තියෙන් තමා වෙත පැවැරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (08දා) සවස නිකුත් කරනු ලැබීය.

Read More

කාම්බෝජයේ නාවික කඳවුරක් පිළිබඳ වොෂිංටන් පෝස්ට් වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අවධාරණය කරන චීනය, නිරන්තරයෙන්ම පාහේ විදේශයන්හි යුද්ධවලට සම්බන්ධ වීම, වෙනත් ජාතීන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හමුදා ගුවන් යානා සහ යුධ නැව් අනෙකුත් රටවල දොරකඩට ගෙනැවිත් සරඹ කරන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන් විස්සයි20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (08දා) සමත්වූයේය.

Read More

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෙසු බැතිමතුන් 61දෙනා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ආණ්ඩුකාර අරකුන්රින් රොටිමි ඇකෙරෙදොලු ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය පිහිටි ඔවෝ නගරයේදී මාධ්‍ය වෙත පැවසීය.

Read More

දැනට සිර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීම වෙනුවෙන් කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

Read More

මෙක්සිකෝ දේශසීමාවේ උතුරු දෙසට වන්නට කඩා වැටුණු ඇමෙරිකානු යුද ගුවන් යානයේ ගමන් කළ පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව සඳහන් වෙයි.

Read More

අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව ශ්‍රී ලංකාවට සිය ණය බර සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජින් පැවැසීය.

Read More

ස්වාධීන, සාමකාමී, සමෘද්ධිමත් සහ සහයෝගී මධ්‍යම ආසියාවක් ගොඩනැගීම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, යහපත් අසල්වැසි මිත්‍රත්වය, දුෂ්කර කාලවලදී සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම ආරක්ෂා කිරීමට රටවල් හය එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (08දා) රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

විදුලි බල අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා විදුලි ඉංජිනේරු සේවකයන් ඇතුළු සියලුම සේවකයන් වැඩ වර්ජනයකට එලැඹීමට තීරණය කර තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හා ධීවර වරායන් 22 ක විදුලිබල පද්ධතිවලට සූර්ය කෝෂ පද්ධති සවිකොට ඒ තුලින් විදුලිබලය පිරිමැසීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන්ට අද (08දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි උපදෙස් ලබා දී තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය ඇප මත නිදහස් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය අද (08දා) නියෝග කළාය. මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳයි.

Read More

බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව හෙට දිනයේදී බොහෝ විට ඔහු එම ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු බහින් බස් විමක් දුර දිග යාමෙන් ඊයේ (07දා) රාත්‍රියේ ඇතිවු ගැටුමකදි තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම අරෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව රාගම පොලිසිය පවසයි.

Read More

මැයි 09 දා ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු 12ක් ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එසේම ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පුද්ගලයන් 4ක් යළිත් එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Read More

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ metals.lk වෙබ් අඩවිය දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Read More

මැයි 9දා කොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය අසළ සිදුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළව හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය.

Read More

නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ නාගරික සවංර්ධන අධිකාරියට අයත් අක්කර 782 ක් වගා කිරීම සඳහා හඳුනා ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවලින් ඩීසල් ලබාදීම අද (8දා) නැවතත් ආරම්භ කළේය. පෞද්ගලික බස් රථ, පාසල් සේවා රථ හා ගිලන්රථ යන සේවා සඳහා ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමේ හැකියාව ඇත.

Read More

ගෝනවල පුදේශයේ අනවසරයෙන් බවුසරයක ඩීසල් හා පෙට්රල් තබා ගෙන සිටි රියදුරකු එම බවුසරයත් සමග ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත .

Read More

පාර්ලිමේන්තුව තුළ දුරකතන භාවිතය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මන්ත්‍රිවරු සභාව තුළ දුරකතන භාවිත කිරීම හේතුවෙන් සවන් ‌දීමක් සිදු නොකරන බවත් ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මාස හයකට පමණ පසු ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. බ්ලූම්බර්ගු පුවත් සේවය පෙන්වා දෙන්නේ ආසියාන නිෂ්කාශන සංගමයක් යටතේ ඉන්දියාවට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම නිසා මෙසේ විනිමය සංචිතය ඉහළ ගොස් ඇති බවයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අප්‍රේල් මාසය අගදී ඩොලර් බිලියන 1.81 සිට මැයි අග වන විට ඩොලර් බිලියන 1.92 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Read More

විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට රජය මැදිහත් වන ලෙස බල කරමින් දෙදහසකට ආසන්න හෝටල් සේවකයන් පිරිසක් මහනුවර නගරයේ දී අද (08දා) මහනුවර නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි .

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කථා කළ අයුරින්ම බටහිට රටවල් වැඩ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.