saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5570 hours ago

LATEST

තායිලන්තයේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ විවෘත වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 31ක් ජීවිතක්ෂයට

calendar_today 2022 ඔක් 06 - 13:59 remove_red_eye - 725  

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.

අමාත්‍යධුරයෙන් ඉවත් වූ නාමල් රාජපක්ෂ මහතාද තවදුරටත් රැදී සිටින්නේ ඔහුට අමාත්‍යවරයෙක් ලෙස හිමිවූ නිල නිවසේ බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

2022 දී ඇස්තමේන්තුගත 101% සිට 2024 වනවිට සාමාන්‍ය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109% දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් පැවසීය.

Read More

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපතිකරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මම පෙරේදා කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාක්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ කාරක සභා පත්වෙන්නේ.”

Read More

උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් නැගෙනහිර දෙසට එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් තමාට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10දා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.

Read More

SpaceX පැවසුවේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මිනිසුන් රැගෙන යන පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය වන Dragon අභ්‍යවකාශ යානයට මගීන් හත් දෙනෙකු දක්වා රැගෙන යා හැකි බවයි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ව තිබේ. ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඔහු වැඩි ඡන්දයෙන් සභාපතිධුරය සඳහා තේරී පත්ව තිබේ.

Read More

අවසන් වූ පසු, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වෙමින්, මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාව අනුව ලොව දෙවැනි විශාලතම බලාගාරය වනු ඇත.

Read More

තනතුරෙන් උසස් කළා, මට පොලිස් වීරතා පදක්කම ලැබුණා, මුදල් ත්‍යාගයක් ලැබුණා.නමුත් ඒ මට ලැබුණ සියලු දේට වැඩිය අද දවසේ ලැබුණ දේයි මට වටින්නේ.මේ තමයි මම ජීවිතයේ ලබපු ලොකුම කුසලානය, ලොකුම තෑග්ග හා ලොකුම සම්මානය.ගමේ අයගේ බලාපොරොත්තු දැක්කම මම හිතාගත්ත දේ තමයි මගෙන් චූටි හරි අඩුපාඩුවක් මෙතෙක් වුණා නම්, ඉදිරියට ඒ අඩුපාඩුව නිවැරදි කර ගන්න ඔ්න කියන දේ.රැකියාවෙදී මට කරන්න පුලුවන් උපරිම දේ මම කරන්න හිතා ගත්තා.

Read More

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP+ පහසුකම අත්හිටුවීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

හෙලනික් වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ ඔවුන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු බේරාගෙන ඇති බවය.

Read More

රජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත් බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට අදාළව සභාවේ එකඟතාව අනුව විවාදයක් ලබාදිමට ආණ්ඩුව සූදානම් බව සභානයක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

දිඹුලපතන පොලිස් වසමට අයත් විජයබාහුකන්ද, මැදගමමැද්ද ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරේදා (05) රාත්‍රීයේ පෙරළීයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.

Read More

මේ වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසර අවසන් විට ලබන පාඩුව බිලියන 4000ක් පමණ වනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවත් මේ අසීරු අවස්ථාවේදීත් චීනය ලංකාවට සහාය පළකරනු ඇතැයි විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොළඹ 07, ග්‍රෙගරි පාරේ පදිංචිව සිටි නිවසට අදාළ විදුලි සැපයුම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වනවිට ගෙවීමට ඇති හිඟ ශේෂය රුපියල් 1,132,188.07ක මුදල ගෙවන ලෙස දන්වමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

(UPDATE) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.50% සහ 15.50% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

Read More

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රී වරප්‍රසාද කඩකළ බව පිළිගත් පුද්ගලයෙකු ඒ පිළිබදව කනගාටුව ප්‍රකාශ කරමින් ඊයේ (04) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේදී සමාව ගැනීම සිදුවිය.

Read More

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ අනුමතිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (04) රැස්වූ අධිකරණ කටයුතු පිළිබද කාරක සභාවේදී හිමිවිය.

Read More

වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට අද (5) සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය.

Read More

දැනට දින හතරක් තිස්සේ අතුරුදහන්ව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තෙවැනි වසරේ සිසුවා සොයා ගැනීම සඳහා ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ විමර්ශන කිරිමට බලාපොරොත්තු වන බව පොලීසිය කියයි.

Read More

2022 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 3569 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2794 දෙනෙකු, ධීවර රැකියා සඳහා 724 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා 49 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා දෙදෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධයක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කරයි.

Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ වැඩපිළිවෙල යටතේ දැනටමත් ඩොලර් 40,000කට එක් නිවසක් අලෙවිකර තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්‍ට අමතරව විදේශිකයන්ගෙන්ද නිවාස මිලදී ගැනීමට ඉල්ලීම් රැසක් ලැබී ඇත. ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර ඩොලර්වලට නිවාස අලෙවි කිරීමේ අදාල ඉලක්කය ඉතා පහසුවෙන් ජයගත හැකිවේවි.

Read More

‘‘වසරේ වරාය අධිකාරිය - 2021’’ ලෙස සම්මාන ලැබීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට හැකිවිය. ඒ පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැති ගෝලීය වරාය සංසදයේ සමුළුවේ දී ය.

Read More

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම් වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.