බ්‍රසීල අධිවේගී මාර්ග නාය යෑමකින් 50ක් අතුරුදන්ලු
- 1 12 2022
- 13:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බව පවසයි.
පාරානා ප්‍රාන්තයේ BR-376 අධිවේගී මාර්ගයට මඩ තට්ටුවක් වැටී ඇති අතර, අවම වශයෙන් වාහන 16ක් පමණ ඊට හසුවී ඇති බව කියයි.
අයහපත් කාලගුණය එය පිහිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදා ගැනීමේ ප්රයත්නය අවුල් කරන බව ගලවා ගැනීමේ සේවකයන් පවසයි.
මෙම අනතුරින් පුද්ගලයන් 30ත් 50ත් අතර සංඛ්‍යාවක් අතුරුදන් වන්නට ඇති බව පළාත් පාලන ආයතන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
