බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ශ්රී පාද ස්වාභාවික රක්ෂිකයට මායින්ව අභිරහස් ලෙස මියගොස් සිටි හොදින් වැඩුනු කදුකර කොටියෙකුගේ සිරුරක් (01) දින හමු වු බව බගවන්තලාව පොලිසිය පැවසිය.
ස්වාභාවික රක්ෂිතයට මායින්ව මියගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත මිය ගිය සිටි කදුකර කොටියාගේ සිරුර හමු වු බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් ඇති බවත්, බගවන්තලාව පොලිසිය පවසයි.
දඩයම්කරුවන් විසින් සතුන් දඩයම් කිරිම සදහා තේ වත්තේ අටවන ලද මන්දකට කදුකර කොටියා හසු වි මියයාමෙන් පසු කොටියාගේ සිරුර දඩයම්කරුවන් විසින් ගෙනවිත් දමන්නට ඇති බව පොලිසිය සැක කරයි.
අභිරහස් ලෙස මියගිය කදුකර කොටියාගේ සිරුර සම්බන්දයෙන් පරික්ෂන පවත්වන ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය පැවසිය.