විදුලි බිල වැඩි කිරීම වහාම නතර කර අයවැයෙන් වැඩි වශයෙන් වෙන් කර තිබෙන ප්‍රතිපදන රටේ ලක්ෂ 43ක් වන දරැ පරපුරට සහ මව් පරපුරට වෙන් කරන ලෙස යෝජනා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙලෙස විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමාටත් තිබෙන බවත්, ඒ අනුව මේ පිළිබඳ අවධානය යොමු කර සහනයක් ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දීමක් කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - ඒ වගේම කියන්න ඕනී අපිට දැනගන්න ලැබෙනවා විදුලි බිල වැඩි කරනවා කියලා. ඔබතුමන්ලා කැබිනට් එකේ අනුමත කරලත් තිබෙනවා. කොහොම මේ මිනිස්සු ජීවත් වෙන්නේ? දරාගන්න බැරි තත්ත්වයක ඉන්නේ. විදුලි බිල වැඩි කරනවා. ලෝකයේ තෙල් මිල අඩුවෙනකොට තෙල් මිලේ වෙනසක් කරන්නේ නෑ. මම අහන්නේ මනුස්සකමක් තියෙන්න ඕනිනේ. අපි දන්නවා රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් තිබෙනවා.
ඒක හරි. නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. පාසල් දූ දරැවන්ය හරියට පෝෂණයක් නෑ. පාසල් උපකරණ ටික ගන්න බෑ. පොත්, සපත්තු, බෑග් ගන්න බෑ. දරැවෝ කලන්තේ දාලා වැටෙනවා පාසල් වල. මම ඉල්ලීමක් කරනවා විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කළා. කරැණා කරලා මේ පාර්ලිමේන්තුවේ කරන යෝජනාවක් අනුව මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරලා අයවැයෙන් වෙන් කරලා තිබෙන ලොකුම ප්‍රතිපදන ටික මේ රටේ 43ලක්ෂයක් වන දරැ පරපුරටත්, මව් පරපුරටත් වෙන් කරන්න කියලා අපි යෝජනා කරනවා.
සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා - විදුලි බිල වැඩි කරන ප්රශ්නය ගැන කිව්වා. මටත් ඒ පිළිබඳ ප්‍රශ්නයක් එනවා. අ.පො.ස උසස්පෙළ විභාගය ජනවාරි 23 ආරම්භ කරලා පෙබරවාරි මැද වෙනකන් විභාගය යනවා. එතකොට විදුලිය කපන්නත් බෑ, විදුලිය වැඩි කරන්නත් බෑ පාර්ලිමේන්තුවේ. මොකද 350,000ක් දරැවෝ උසස්පෙළට පෙනී සිටිනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේදීත්, විදුලිබල අමාත්‍යාංශයටත් යොමු කරන්නම්. මේ පිළිබඳ අවධානය යොමු කරලා යම් ආකාරයක ලිහිල් භාවයක් දෙන්න කියලා කියනවා.