ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් අතරින් සිසුන් 6000කට අධික සංඛ්‍යාවක් විෂයන් සියල්ලම අසමත්ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
"අද මේ හැමෝම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? විදුහල්පති වැටුප් විශමතාව, ගුරුවරුන්ගේ වැටුප් විශමතාව, දීමනා පිළිබඳව, හැබැයි මේ ඒක්කෙනෙක්වත් කථා කළේ නෑනේ මේ දරුවන්ට පංතියේ හරියට උගන්වනවද කියලා. දැන් හයදාස් ගණනක් ඔ්ලෙවල් වල වැඩ සියල්ලම අසමත්. කවුද මේවට වග කියන්නේ. වග කියන්න කෙනෙක් නෑ. අවුරුදු 11ක් පාසලේ ඉගෙන ගෙන වැඩ සියල්ලම අසමත් වුණාම වග කියන්න කෙනෙක් නෑ. මේ ඔක්කොම කථා කරන්නේ කාගේ අයිතිවාසිකම්ද? වැඩිහිටියන්ගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් තමන්ගේ මතයම පරස්පර වෙනවා."