ආදායම් බදු ආපසු ගෙවීමේ මෘදුකාංගය අක්‍රීය වී තිබෙන බවත්, මෙය හිතාමතා කළ දෙයක්ද, එසේ නැතිනම් තදබදය හේතුවෙන් සිදුවූවක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (01දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙය කිසිදු කඩාකප්පල් කාරී සිදුවීමක් නොවන බවත්, තදබදය හේතුවෙන් මෙම මෘදුකාංගය අක්‍රීය වී ඇති බවත් ඊට පිළිතුරැ ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ අනුව නැවත අදායම් වාර්ථා ලබා දීමේ දිනය නොවැම්බර් 30 දින සිට දින 07ක කාලයක් ලබා දෙන බවත්, එම කාලය තුළ කිසිදු දඩ මුදල් අයකිරීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල - අදායම් බදු ආපසු ගෙවීම් ඉදිරිපත් කරන මෘදුකාංගය (income tax refund submit software) අක්‍රීය වෙලා තිබෙනවා. ඒක හිතාමතා අක්‍රීය කරලද, නැතිනම් අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නෑ.
නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුණේ. මේක අක්‍රීය වුණු නිසා විශාල පිරිසක් ඉන්නවා ආදායම් බදු ආපසු ගෙවීම් සිදු කරන්න බැරිව. මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතාමතා කළ දෙයක්ද? නැතිනම් තදබදයක් නිසාද වුණේ?
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ - මෙතුමා මතු කරන කාරණය ඇත්ත. ඊයේ ඒ කියන්නේ නොවැම්බර් 30 වෙද්දි සියලුම දෙනා තමන්ගේ ආදායම් වාර්ථා ලබා දිය යුතුව තිබෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙතන පුද්ගලික ආදායම් බද්ධ, සමාගම් බද්ධ, හවුල් ව්‍යාපාර බද්ධ වැනි බදු රිටන්ස් කළ යුතුව තිබෙනවා.
මේක කවුරැත් කඩාකප්පල් කිරීමක් නෙවෙයි. මේ මෘදුකාංගයේ තිබෙන තදබදය අපි හඳුනාගෙන තිබෙනවා. ඊට විසඳුමක් ලෙස අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ සතියක කාලය තුළ රිටන්ස් භාරදුන්නම එය නොවැම්බර් 30වැනිදා දුන්නා සේ සලක්න අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඒ කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.