සයිටම් නීත්‍යානුකූලයි - යළි ආරම්භ කරමු
සයිටම් ආයතනය නීත්‍යානුකූල ආයතයක් බවටත් උපාධිය නීත්‍යානුකූල බවටත් නඩු තී්න්දුවක් ලැබී ඇති හෙයින් එම විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරිමට හැකියාවක් ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය. අද (01දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"මහින්ද රජපක්ෂ රජය සමයේ උසස් අධ්‍යාපන ඇමති ලෙස සයිටම් විශ්වවිද්‍යාල ආරම්භ කළේ මමයි. වෛද්‍යවරුන්ගේ විරෝධය, වෛද්‍ය සංගමයේ විරෝධය, සිසුන්ගේ විරෝධය මේ සියල්ල මැඩ පවත්වගෙන අපි සයිටම් එකේ කටයුතු අරගෙන ගියා.
ඒ අරගෙන ගියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ. මෙහි පළවෙනි බැච් එක එළියට එනකොට යහපාලන රජය සමයේදී කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්‍ය සභාව මේ දරුවන්න ප්‍රතික්ෂේප කළා.
ඒ වෙලාවේ මේ පනතේ නීතියක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාට පුළුවන් නියෝගයක් දෙන්න වෛද්‍ය සභාවට මේ අය ලියාපදිංචි කරන්න කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මැතිතුමා ඒ වෙලාවේ ඒක කළේ නෑ.
ඒ නිසා ළමයි උසාවි ගියා.අවුරුදු දෙකක් කල් ගියා. ඒ අවුරුද දෙක ඇතුලේ සයිටම් එක විශාල අර්බුදයක හිටියේ. ඒ නිසා සයිටම් එක කඩා වැටුණා. අවුරුදු දෙකකට පස්සේ නඩු තීන්දුව දුනනේ සයිටම් එක නීත්‍යානුකූලයි. උපාධිය නීත්‍යානුකූලයි කියලා.
දැන් ඒ දරුවෝ වෛද්‍යවරු. ඕන කෙනෙකුට අද පුළුවන් සයිටම් එක පටන් ගන්න. තමුන්නාන්සේලා සූදානම් අපි සයිටම් එක පටන් ගමු”
popular news
-
thaththek Friday, 02 December 2022 05:25 AM
Dont make unnecessary issues as country in a disaster Mr Dissanayake...please
Reply : 0 0
anton Friday, 02 December 2022 06:28 AM
ඔබතුමාගේ නම නම් ඒ කලේ ඇහුනේ නැහැ. නමුත් රාජිත ඇමතිතුමා නම් විශාල මහන්සියක් ගත්තා SAITM එක ක්‍රියාත්මක කරන්න. එකට අකමැති කුහක පුද්ගලයින් සහ සංවිධාන එකට අකුල් හෙලුවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

